
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පාතාල ලෝකයේ නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැලකෙන දුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තා ගේ මස්සිනා වන මිදිගම රුවන් නමැත්තා අද දිවයිනට රැගෙන ඒමට නියමිත බව පොලිසිය කියයි.
ඔහු දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහු රැගෙන ඒම සඳහා කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයකු ගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගිය බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
ඩුබාහී පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය විසින් මීට මාස දෙකකට පමණ ඉහතදී මිදීගම රුවන් නමැත්තා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ මොහුගේ නම ද තිබෙන බව පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.
ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මොහු අද(30) මේ රටට රැගෙන ඒමට නියමිතය.
හරක් කටා නැමැත්තා ද පසුගිය වසරේ ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිදිගම රුවන් අද දිවයිනට රැගෙන එයි
pakaya Thursday, 30 May 2024 05:37 AM
මෙයාගෙත් ආයුධ එහෙම හංගපුවා ඇති
රංබොඩ Thursday, 30 May 2024 09:17 AM
දැන් අපේ රටේ කළු කෝට් කාරයින් දත කට මදිනවා ඇති
නිහාල් Thursday, 30 May 2024 12:05 PM
අනේ මගේ බදු සල්ලි. දැන් මූටත් කන්න දීපන්කෝ
වජිර යාපා Thursday, 30 May 2024 04:10 PM
ඇයි බං ඔය වගේ පොඩ්ඩෝ වෙනුවෙන් වෙහෙසෙන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්නේ 222ක්ම කුඩු බිස්නස් කරන, මිනීමරණ, ස්ත්‍රී දූෂණ කරන, රාජ්‍ය ධනය හොරා කන. පිටරටින් ඉන්ටපෝල් හරහාම ගේන්න කැසිල්ලක් තියෙනවා නම් එක්කං වරෙන්කො අර්ජුන මහේන්ද්‍රව. අපේ පිංපි අගමැති දවස් වල රවට්ටලා වෙඩින් එකකට ගිහින් එන්නම් කියලා ගියේ. ඌව එක්ක වරෙන්කො හාල් මැස්සෝ අල්ලන්නේ