(සුරංග රාජනායක)
ගම්පොල කුරුඳුවත්ත මැදගොඩ තේ කර්මාන්ත ශාලාවේ හටගත් ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී දෙදෙනකු ද පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.
මෙම තේ කර්මාන්ත ශාලාව ගිනි ගන්නා බව කුරුදුවත්ත පොලිසියට දැනුම්දී ඇති අතර මහනුවර ගිනි නිවීම් ඒකකය ට ද ඒ බව දන්වා තිබේ .
ඒ වන විටත් මෙම කර්මාන්ත ශාලාව ගිනිගෙන විනාශ වී තිබූ බව පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි .
මෙම තේ කර්මාන්ත ශාලාවේ හිමිකරුගේ පුතා හා සේවකයකු ගින්නෙන් පිලිස්සුම් තුවාල ලබා ඇති අතර එක් අයකු ගම්පොළ ශික්ෂණ රෝහලටත් අනෙක් අය කුරුදුවත්ත ප්‍රාදේශීය රෝහලටත් ඇතුලත් කොට තිබේ .
මෙහි අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති වුවද එය රුපියල් කෝටි දෙකකට අධික බව පැවසේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මැදගොඩ තේ කර්මාන්ත ශාලාව ගින්නෙන් සුන්
Perera Friday, 27 January 2023 12:08 PM
වඩෙ ගොඩ රක්ශනය කරලනෙ.
දාස Friday, 27 January 2023 12:15 PM
මැදගොඩ කියන කොට මට මතක් වෙන්නෙම හාමුදුරුවෝ කෙනෙක්...
Santhu Friday, 27 January 2023 04:31 PM
80% ක් ශුවර්.... මෙය, හිතාමතා සැලසුම් ඇතිව කළ විනාශයක්...