IMG-LOGO

මැති සබේ උණුසුම් වෙයි

(සුජිත් හේවාජුලිගේ )

ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මුදල් අමාත්‍යවරයා මාස  තුනකින්  මේ සභාවට පැමිණ ජනතාවට උත්තරදී නැති හෙයින් ඔහු වහාම සභාවට කැඳවන්නැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (10) ඉල්ලීමක් කළේය.

ඔහුගේ මෙම ඉල්ලීමත්  සමග ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ සංවාදයක් නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් අද පෙරවරුවේ ඇතිවිය.

රට බංකොළොත්වී තිබෙන අවස්ථාවක මුදල් අමාත්‍යවරයා මේ සභාවට පැමිණ ජනතාව වෙනුවෙන් කරුණු දැක්විය යුතු වුවත් ඔහු එම අවස්ථාව මගහැර සිටින බවත්  මුදල් ඇමැතිවරයා  පාර්ලිමේන්තුවට අවසන් වරට පැමිණ ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මස 10 වැනිදා බවත් කිරිඇල්ල මහතා මෙහිදී පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ මුදල් අමාත්‍යවරයා මේ සභාවට  නොපැමිණි බවට කරන ලද ප්‍රකාශය ඉල්ලා අස් කර ගන්නැයි  ඉල්ලීමක් කරන බවයි.

මුදල් අමාත්‍යවරයාට යොමු කරන ලද ප්‍රශ්න සියල්ලටම  ඔහුගේ උපදෙස් මත රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබාදී ඇති බවත්   මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ සියලු ලේඛන සම්බන්ධයෙන් මේ ස්ථානයේ  විවාද පවත්වා ඇති බවත් සභානායකවරයා කීවේය.

දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී මෙසේද කීවේය.

මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට විටින් විට පැමිණියා. ආවෙ නැහැ කියලා කියන්න බෑ.මුදල් ඇමැති රටට කරන ප්‍රකාශ මෙතන විවාදයටත් ලක් වුණා.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:

පවතින අර්බුදය ගැන මුදල් අමාත්‍යවරයා මෙතැනට ඇවිල්ලා ප්‍රකාශයක් කරන්න ඕන. ඒක තමයි වෙන්න ඕන.

මෙයාලා අද  යුද්ධයක් තියෙන රුසියාවෙනුත් ඩොලර් මිලියන තුන්සියයක් ඉල්ලලා.ඒක මොන ලැජ්ජ නැති වැඩක්ද.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා:

යුද්ධයක් තියෙද්දි යුක්‍රේන ජනාධිපතිතුමාත් ඒ රටේ පාර්ලිමේන්තුව ඇමතුවා.

පත් කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා:

මුදල් අමාත්‍යවරයා මේ සභාවට ආවා. ඔබතුමාට ඒක පෙනුණේ නැත්තේ   නිදාගෙන හිටපු නිසයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:

ඇමැතිවරයකුට ප්‍රකාශයක් කරන්න කියලා කියන්න මට බැහැ. මට ඒක කරන්න බැහැ. නමුත් මන්ත්‍රීවරයෙක් මාස තුනක් මේ සභාවට නොපැමිණියහොත් ස්ථාවර නියෝග අනුව මන්ත්‍රී ධූරය අහෝසි වෙනවා.



අදහස් (1)

මැති සබේ උණුසුම් වෙයි

ගමේ එකාලා Thursday, 10 March 2022 04:44 PM

කොළේ බලාගෙන හරියට සිංහලවත්, ඉංග්‍රීසිවත් කතා කරන්න බැරි මොළහතා නිකම් සවුත්තු වෙන හින්දා එන්නේ නැතුවා වගේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site