IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘මුතු රාජා‘‘ උපන් බිමට යාමට සූදානමින්

(ටී.කේ.ජී.කපිල,එච්.එම් ධර්මපාල සහ තුසිතද සිල්වා)

තායිලන්තය විසින් මීට වසර 22 කට පමණ පෙර ශ්‍රී ලංකාවට ලබා දුන් "මුතු රාජා " නොහොත් " සක්සුරින් " හස්තියා යළි  තායිලන්තය වෙත රැගෙන යාම සදහා දින අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත් තිබේ.

එම හස්තියා මෙතෙක් රදවා සිටි දෙහිවල සත්වෝද්‍යානයෙන් රැගෙන පිටත්වූ එම විශේෂ රථය ඉතා සෙමින් සෙමින් , හස්තියා අපහසුතාවට පත් නොවන ආකාරයට අද දින අලුයම 12.00 ට පමණ  කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබුණි.

මෙම ඇතා ඇතුළත් විශේෂ කූඩුව, ඔහු තායිලන්තය වෙත රැගෙන යාමට නියමිත රුසියානු " ඉලුෂියන් - 76 " ගුවන් යානයට පැටවීම ආරම්භ කර තිබේ. මෙම ගුවන් යානය අද දින උදෑසන 07.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර , " ෂියන්මායි " ගුවන් තොටුපොළ බලා පිටත්ව යාමට නියමිතය.

(ඡායාරූප ළහිරු හර්ෂණ සහ ටී.කේ.ජී කපිල)



අදහස් (5)

‘‘මුතු රාජා‘‘ උපන් බිමට යාමට සූදානමින්

sena Sunday, 02 July 2023 07:41 AM

පූජා භූමිවල/ අවට සතුන් මරණ, සත්ව කරුණාව වචනයට පමණක් සීමාකර තිබෙන, අලි ඇතුන් ලවා වන්දවා ගැනීමේ මානසිකත්වයකින් පෙලෙන පිරිස් සිටිනා රටක සත්ව කරුණාව පිළිබඳව කුමන කතාද? උදේ පාන්දරම ගම් දනවු පුරාවට ඇසෙන්න පිරිත් කියන රටක මෙහෙමත් දේවල් වෙනවාද? අලුයම පන්සල් පල්ලිවලින් එන සද්දයට පාසල් ළමුන්ට අධ්‍යාපනයක් කරගන්න පාඩම් කරගන්න බෑ. රටවල හදන්න නම් පළමුව මේවා නිවැරැදි කරගත යුතුයි...

:       1       5

senaSunday, 02 July 2023 02:24 PM

හරියටම හරි.

:       0       3

buddhika Sunday, 02 July 2023 07:48 AM

ගොඩක් දුකයි...

:       0       2

Deepthika Sunday, 02 July 2023 08:02 AM

පෙර පිණක් තිබිලා ධර්මද්වීපයේ වධකයින්ගෙන් බේරෙන්න... ඒ වාසනාව නැති බහුතරය පන්සල්වල ගැටගහලා ඉන්නවා.

:       0       8

මොට්ටපාල Sunday, 02 July 2023 08:40 AM

මොන විලිලැජ්ජා නැති වැඩක්ද කියලා හිතෙනවා. කෙනෙකුගේ තෑග්ගක් නොසලකා හැරීමෙන් පේන්නේ තෑග්ගක් දුන්නු රට නොසලකා හැරීමක් කියලා කියන්න පුළුවන් රටට අනවශ්‍ය නම් ගත්තේ මොකටද? රටට ලැබුණු මෙම ඇතා දළදා මාලිගාවට දුන්නා නම් කොහොමද? හොඳයිද?

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site