(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි මුතු පන්තිය ධීවර ගම්මානයේ වෙරළ දරුණු ලෙස ඛාදනයට ලක්වීම හේතුවෙන් එය බේරා ගැනීමට ගල් දැමීම මේ වනවිට සිදුවන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ මීගමුව ප්‍රාදේශීය ඉංජීනේරු සකුන්ත පද්මසිරි මහතා පැවසීය.
වසර කිපයක සිට දරුණු ලෙස මුහුදු ඛාදනයට ලක්ව වෙමින් පවතින මෙම ගම්මානය මේ වන විට පවතින කාලගුණ තත්වය හේතුවෙන් දරුණු අයුරින් වෙරළ තීරය ඛාදනයට ලක්වෙමින් තිබේ.
මේ වන විට මුතුපන්තියේ සිට උඩප්පුව දක්වා වූ වෙරළ තීරයේ මාර්ගය සම්පුර්ණයෙන් ඛාදනයට ලක්ව විනාශ වී ඇත.
වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ මීගමුව ප්‍රාදේශීය ඉංජීනේරු සකුන්ත පද්මසිරි මහතා මෙසේ පැවැසීය.
“ මේ දිනවල පවතින කාලගුණික තත්වය සලකා බලලා, හදිසි අව්‍යතාවයක් ලෙස සලකලායි කඩිනමින් ගල් දැමීම සිදු කරන්නේ. එසේ නොකළොත් මුතුපන්තියේ දැවැන්ත විනාශයක් සිදුවන්න ඉඩ තිබෙනවා. මෙම කටයුත්තට මේ වෙද්දි ලක්ෂ 75 ක් වෙන් කරලා තිබෙනවා. මීටර් 100 ක පමණ දුරක් කළුගල් දමන්න අපි විශාල උත්සහයක නිරත වෙමින් සිටිනවා‘‘ යැයි ඔහු පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මුතු පන්තිය ධීවර ගම්මානය බේරගන්න වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සටනක
rama Saturday, 04 May 2019 09:04 AM
දැනටත් පරක්කු වැඩියි. ඉක්මණට දාලා අපේ රට බේරගන්න.
chaminda Sunday, 05 May 2019 09:34 AM
පොර්ට් සිටි හදන්න මුහුදු වැලි හාරපු නිසා , රට පුරාම මුහුදු ඛාදනය වැඩි වුණ , අනාගතේ අපිට වෙරළේ රැල්ල නෙවෙයි ගල් පෑගුවහැකි , පොර්ට් සිටි නිසා රටට වුණ පාඩු කොච්චර තියනවද , අනාගතේ කොළඹ වරාය පුළුල් කරන්න වුනොත් චිනගේ ඔලුව උඩ තම හදන්න වෙන්නේ , කළුගල්, වැලි, පස් වගේ රටේ සම්පත් කොච්චර නාස්ති වුනාද ?
Ishani Jayarathna Monday, 06 May 2019 03:59 AM
මම හිතන්නේ ලංකාදීප පුවත්පත තමයි ලංකාවේ ඇති හොඳම පුවත්පත... රටේ ලෝකයේ සිදුවන වැදගත් දේවල් ගැන අපිට දැනුම් දෙනවා. ස්තුතියි ලංකාදීප...!!!