(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ තුනක් සමග කල්පිටිය ප්‍රදේශයේ දී අද අලුයම අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය කියයි.
අඩංගුවට ගත් සැකකරුවන් අතර තමිල්නාඩුවේ පදිංචි ඉන්දියන් ජාතිකයකු ද සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගෙන සිටින ඉන්දියන් ජාතිකයා මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය එරට සිට මෙරටට රැගෙන ආ පුද්ගලයා ලෙසට පොලිසිය සැක කරයි.
ඉන්දියන් ජාතිකයා මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන ප්‍රධාන පෙළේ නියෝජිතයකු බවට ද තොරතුරු පොලිසියට ලැබී ඇතැයි කියති.
පොලිස් විශේෂ කාර්යාංශය කල්පිටිය ඒකකයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් නිලධාරියකුට ලැබුණු තොරතුරක් මත කල්පිටිය බස් නැවතුම්පොළේ දී මත් ද්‍රව්‍ය අඩංගු පාර්සල් තුනක් සමග සමග සැකකරුවකු මුලින්ම අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම පුද්ගලයාගෙන් හෙළිකරගත් තොරතුරු මත ඔහු ගෙන් අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණ සිටි බව කියන පිරිමි පුද්ගලයන් තිදකු සහ කාන්තාවන් දෙදෙනකු වෑන් රථයක් තුළ සිටියදී කල්පිටිය, ඒතාල ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ උපදෙස් මත පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රූපසිංහ මහතාගේ මෙහෙයුම යටතේ කල්පිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් සහ සැකකාරියන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත් ජාවාරම්කරුවන් හතරක් අල්ලයි