
(ටී.කේ.ජී.කපිල සහ ගයාන් සූරියආරච්චි )
පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරියෙකු සිය මෝටර් රථයට හප්පා අනතුරකට ලක් කිරීමට තැත් කළ , මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ චෝදනාවට ලක් වී සිටින 23 හැවිරිදි සැකකරුවෙක් ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා පිළිබඳ විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ගුවන් ගමන් තහනම් පනවා තිබූ අයෙකු වන අතර , ඔහු එම තහනම් අධිකරණය මගින් තාවකාලිකව ඉවත් කර ගෙන තිබුණි .
එහෙත් මීට මාස දෙකකට පමණ පෙර පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් වැල්ලවත්ත ප්‍රදේශයේ දී මොහු ගමන් කරමින් තිබූ මෝටර් රථය නැවැත්වීමට තැත් කිරීමේ දී , එම නිලධාරීන් සිය මෝටර් රථයෙන් අනතුරට ලක් කර පළා ගොස් තිබූ අතර ඒ පිළිබඳ වැල්ලවත්ත පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර මොහුට එරෙහිව යළි ගුවන් ගමන් තහනමක් පනවා තිබූ අතර සැකකරු මේ පිළිබඳ විමර්ශන කටයුතු සදහා වැල්ලවත්ත පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකි .
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත් ජාවාරම්කරුවෙක් ගුවන්තොටේදී මාට්ටු
nimal Wednesday, 28 August 2024 12:44 PM
ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ගේ පුත් නදීන් බාසික්...!