IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මත් ජාවාරම්කරුවෙක් ගමට වවුචර් බෙදලා

(විශේෂ වාර්තාකරුවකු විසිනි)

සංවිධානාත්මක අපරාධ රැසකට සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයකුගේ ධන පරිත්‍යාගයෙන් රුපියල් පන්දහසක් වටිනා තෑගි වවුචර බෙදා හැර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම වවුචර පත් සමග පුංචි දුවේ පුතේ යනුවෙන් ආමන්ත්‍රණය කරමින් අත් පත්‍රිකාවක් ලැබීමට සලස්වා ඇතැයි ද වාර්තා වෙයි

ඔමු රන් මාලයක්ද පැළඳ සාටකයක් පැළඳ සිටින ඡායාරූපයක් ද  සහිතව එය මුද්‍රණය කර ඇති අතර "මේ කාලේ අපේ රටට වගේම ඔයාලගේ අම්මා තාත්තට බොහෝම අමාරු අඟහිගකම් වලින් දුක් දොම්නස්වලින් පිරිච්ච කාලයක් කියලා සලිදු මාමා දන්නවා.

"ඒ නැති බැරිකම දුක වැඩියෙන්ම දැනෙන්නේ ඔයාලටත් කියල මම දන්නවා පුතේ

"ඉතින් මම අද ඔයාලගේ දෙමව්පියන් අතේ පුංචි තෑග්ගක් එවනවා.

ඔයාලට දෙන්න කියලා. ඔයලා අම්මලත් එක්ක ෆුඩ් සිටි ගිහින්  ආස කරන ඕනම කෑමක් ගන්නකෝ, එහෙනම් ඔයාලට බුදු සරණයි ! යනුවෙන් එහි සඳහන් කර  ,අධ්‍යක්ෂක මූල්‍ය හා සේවා,ලියොන්ඩ්‍රා රොයල් හෝටල් සමූහ,ෆ්‍රැන්ක්ෆර්ට් ජර්මනිය යනුවෙන් සඳහන් කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

පවුල් 60ක එම තෑගි වවුචර පත් බෙදා දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

එකී වවුචර පත් බෙදා හැර ඇත්තේ එම පළතුරු පැළ වෙළඳාමේ නිරත පුද්ගලයෙක් හරහා බවද දැනගන්නට ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන් ද නිලධාරීන්ට ලිඛිතව දැනුම්වත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 



අදහස් (4)

මත් ජාවාරම්කරුවෙක් ගමට වවුචර් බෙදලා

sharm warn Friday, 29 July 2022 09:21 AM

ඔව්වා නම් මොනවද? ඔය බිස්නස් එකේ ඉන්න අය දියවන්නාවේ පුරාජේරු කිය කියා අපේ බදුමුදල් වලින් වැජඹෙන්නේ... ඒවාටත් නීතියෙන් කටයුතු කරන්නේ නැද්ද?

:       2       21

දිමුත් Friday, 29 July 2022 10:31 AM

අපරාධකාරයෙක් නං ඒ අපරාධවලට අත්අඩංගුවට ගත යුතුයි. හැබැයි මෙතැනදි ඒ මනුස්සයා කරලා තියෙන්නේ හොඳ වැඩක්නේ...!

:       2       26

sharm warnFriday, 29 July 2022 11:59 AM

මෙහෙමනේ මෙයාව හෙලිකොප්ටරෙන් ඇවිල්ලා බේරෙන්න කවුරුවත් නැතිව ඇති. ඒකයි. බෙදාගන්න කෙනෙක් හිටියා නම් මෙයත් පාර්ලිමේන්තුවේ තමයි නවතින්නේ...!

:       1       11

කිරි පුතා Friday, 29 July 2022 12:04 PM

ඒ මනුස්සයා කුඩු විකුණනවා නම් ඒ ගැන සෝදිසි කරලා නීතිය ක්‍රියාත්මක කරනවා මිසක් අහිංසක මිනිසුන්ට දානයක් දීම වරදක් සේ නොසලකාවි යැයි සිතමු...

:       1       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site