IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා  ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා  මුදල් තොගයක් සමඟ ගෑන්ඩ්පාස්  ස්ටේස්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව  කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .

සැකකාරිය සමඟ රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා හොරයින්  මත්කුඩු ග්‍රෑම් 208 ක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය චෝදනාවට වැලිකඩ බන්ධනාගාරයේ සිරගත ව සිටින සැකකාරියගේ සැමියා මාර්ගයෙන්  මහර බන්ධනාගාරයේ  සිටින ජාවාරම්කරු  හඳුනාගෙන තිබූ බව කාන්තාවගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත

එම ජාවාරම්කරු සැමියාට ජංගම දුරකථන හරහා ලබාදෙන උපදෙස්  සැමියා තමන් වෙත ලබාදීමෙන් අනතුරුව. හොරයින්  මත්කුඩු ජාවාරම සිදු කරන බව සැකකාරිය ප්‍රකාශ කර ඇත.

කොලොන්නාව වැල්ලම්පිටියේ සාලමුල්ල ග්‍රෑන්ඩ්පාස්  හා කොටහේන ආදී ප්‍රදේශ වලට මත්කුඩු තොග වශයෙන් බෙදා හරින බව සැකකාරියගේ වැඩිදුරටත් අනාවරණ වී ඇතත

44 හැවිරිදි සැකකාරිය වැල්ලම්පිටිය  මීතොටමුල්ල පදිංචිකාරියකි

 

 

 

 



අදහස් (1)

මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි

SL Tuesday, 11 April 2023 12:17 PM

මේ කුඩු මුදලාලිලා ටික ඔක්කොම කුදලල දුපතකට දාන්න තියෙන එකේ එහෙම කරන්නේ නැත්තේ. නඩුයි බඩුයි ඔක්කොම එක පැත්තේ නිසාද ? රටේම දරුවන් නොමරා මරණ කුඩු කිලෝ 195ක නැවක් එක්ක අල්ලපු උන්ට නිදහස් වෙන්න තරම් අපේ රටේ කළු කොට් , ඒවාට අයිති දෙපාර්තමේන්තු සහ එවයි වැඩ කරන උන්ට ලැබෙන පඬුරු කොච්චර වෙන්න ඕනෙද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site