(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 06 දෙනකු සිය විදේශ ගමන් බලපත්‍ර කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද භාරදී තිබේ.
මේ අතර සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා ද සිය විදේස් ගමන් බලපත්‍රය අධිකරණයට භාරදී ඇත.
මෙසේ ගුවන් ගමන් පත් භාරදුන් අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන්නේ,’සී. බී. රත්නායක, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරල යන මහත්වරුන්ය.
ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළව මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හත් දෙනා ඇතුළු 24 දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට අධිකරණයෙන් නිකුත් වූ නියෝගයකට අනුව මෙම ගුවන් ගමන් පත්‍ර අධිකරණයට භාරදී තිබිණී.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන මහත්වරුන් ඇතුළු සැකකරුවන් 14 දෙනකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මැති ඇමැති හයකගේ ගමන් බලපත් අධිකරණය බාරයට