IMG-LOGO

මැති ඇමැති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට   ප්‍රභූ ආරක්ෂකයන්  5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඒ ගැන සමාලෝචනයක් කර අඩු කළ හැකි තැන්වලින් ප්‍රභූ ආරක්ෂකයන් අඩු කරන බවද ඔහු සඳහන් කළේය.

අලස් මහතා මෙසේ පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ටිරාන් අලස් මහතා මෙසේද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මාසයකට සැරයක් සමාලෝචනය කරන්න අමාරුයි.ගිනි අවි බලපත්‍ර කාලයෙන් පසුව තියා ගැනීම ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්නය අහන්න ඕන ආරක්ෂක අමාත්‍යාංශයෙන්. මොකද බලපත්‍ර නිකුත් කරන්නෙ ආරක්ෂක අමාත්‍යාංශය. සිද්ධියක් වුණාම අපි ඒ ගෙනියන්න ලැබුණේ කොහොමද කියලා හොයනවා. පසුගිය කාලයේ අපරාධ වලට බලපත්‍ර සහිත ගිනි අවි සම්බන්ධ කරගෙන තිබුණෙ නෑ.



අදහස් (3)

මැති ඇමැති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

Perera Tuesday, 06 June 2023 12:51 PM

රාජපක්ෂ කොල්ලන්ටයි උන්ගේ බල්ලන්ටයි පූසන්ටයි මීයන්ටයි ඔක්කෝටම ආරක්ෂකයෝ දීලා ඇති

:       0       0

සුපුන් Tuesday, 06 June 2023 01:21 PM

දැන් යුද්ධයක් නැති එකේ ඇමතිවරුන්ට උනත් ආරක්ෂකයෝ අවශ්‍ය නෑ. 5400 ක් කියන්නේ පොඩි ගාණක්ද. දල වශයෙන් මාසෙකට කෝටි 50වත් යනවා වියදම. අනිත් එක හමුදාවල උසස් නිලවල ඉන්න කට්ටියගේ පුද්ගලික සහයකයො ඉතාමත් වැඩියි . වැඩි හරියක් ඉන්නේ ගෙවල් වල වැඩට ඉතාමත් ඉක්මනින් ඒවා ඔක්කොම අයින් කරනවනම් ‍ආර්තියටත් හොදයි. ඉන්න බැරි අය යයි

:       0       0

ගමගේ Tuesday, 06 June 2023 01:39 PM

දැන් කව්ද ඔය ප්‍රභූ ආරක්ෂකයන් ඔවුන්ට දීලා තියෙන්නේ මේ අපිද? මොවුන් මරු කියවනවද මන්දා. ඔවුන්ම දීලා ඔවුන්ම කියවනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 355 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 524 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 220 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site