IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


මැතිසබා හිංසන සිද්ධිය: දෙවෙනි කමිටුවටත් පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පත් කෙරුණු දෙවෙනි කමිටුවටද පැමිණිලිකාර  වින්දිත නිලධාරිනිය විරෝධය මතු කර ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

විරෝධතා  මතු කෙරැණද   එම කමිටුවේ කටයුතු දිගටම කරගෙන යෑමට තීරණය කර අැත.

එසේ තීරණය කර තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සෙසු නිලධාරීන්ගෙන් සහ සේවිකාවන්ගෙන්  සිද්ධිය පිළිබඳව  ප්‍රකාශ සටහන් කර ගැනීම අද (5) ආරම්භ කළේය. 

එම  විමර්ශනවලින්  අනතුරැව සිද්ධිය පිළිබඳව   කතානායකවරයාට  වාර්තාවක් බාරදීමට  නියමිතව ඇතැයි දැනගන්නට ඇත.

වින්දිත නිලධාරිනිය මෙම කමිටුවේ සාමාජිකයන් සහ චෝදනාවට ලක්වූ  නිලධාරින්  අතර බැඳියාවන් අතර ගැටුමක් පවතින බව  සඳහන් කරමින්  විරෝධතා  මතුකර  පාර්ලිමේන්තු ප්‍රධානීන්ට  ලිපියක්  පසුගියදා බාරදී තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු පළමු කමිටුවටද  වින්දිත නිලධාරිනිය  විරෝධය පළ කිරීමෙන් එම කමිටුවේ කටයුතු මීට පෙර  අතරමග  නතර විය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන්  බාහිර විමර්ශනයක් පවත්වන ලෙස පාර්ලිමේන්තු කාන්තා සංසදයේ මන්ත්‍රීනියෝ  සහ  පාර්ලිමේන්තු සේවකයෝ   කතානායකවරයාගෙන්   ඉල්ලීමක් කරති.

මෙම සිද්ධිය  පාර්ලිමේන්තුවේද  පසුගිය දිනවල දැඩි ලෙස  සාකච්ඡා කෙරිණ



අදහස් (1)

මැතිසබා හිංසන සිද්ධිය: දෙවෙනි කමිටුවටත් පොල්ලක්

maalaka Thursday, 06 March 2025 06:01 AM

මේ නිලධාරිනිය කාගේ බළල් අතක්ද?

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 800 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2451 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site