IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මැතිසබයේ ’’බස් පාස්’’ දිගටම

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු සේවකයන්ට  නොමිලයේ  දුන් ලංගම   බස් ගමන් බලපත්‍රය අහෝසි කිරීමට භාණ්ඩාගාරය ගත් තීරණය කැබිනට් මණ්ඩලය ඉවත දමා ඇත.

මහ භාණ්ඩාගාරය  මේ වසරේ මුල සිට  එම ගමන් බලපත්‍රය  අහෝසි කිරීමට තීරණය කළේ රටේ  ආර්ථික තත්වය සැලකිල්ලට ගෙනය.

එම බස් බලපත්‍රය වෙනුවෙන් රුපියල් කෝටි අටක පමණ  මුදලක් රජය වාර්ෂිකව  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදෙයි.

රටේ පවතින ආර්ථික තත්වය අනුව එය දැරිය නොහැක්කක්  හෙයින්  මේ වසරේ එපමණ මුදලක් වෙන් කළ නොහැකි  බව භාණ්ඩාගාරය පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී තිබිණ.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පාර්ලිමේන්තු සේවකයන්ට නොමිලේ බස් ගමන් බලපත්‍රය තවදුරටත් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇති බවයි.

පාර්ලිමේන්තුවේ බස් රථ පාවිච්චි කිරීමට වඩා එවැනි බලපත්‍රයක් ලබාදීම  වාසි සහගත බව පෙනීගියේ යැයිද  ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුව  වෙනුවෙන් මිලදී ගත් ලොකු  බස් රථ දහයක් පමණ දැනට එහි  පවතී.



අදහස් (2)

මැතිසබයේ ’’බස් පාස්’’ දිගටම

ranjith Saturday, 09 March 2024 08:39 PM

දෙනවා නම් සියලුම රජයේ සේවකයන්ට සමාන වරප්‍රසාද දෙන්න. මෙහෙම කරනවා නම් ඡන්දෙන් පාඩම් ඉගෙන ගන්න ලැබේවි.

:       0       0

Buddhika Saturday, 09 March 2024 09:17 PM

මහ බැංකුවේ අයට දීමනා වැඩි කරගත්තු එකට විරුද්ධ වුණු පාර්ලිමේන්තුව තමන්ගේ අයට නොමිලේ ප්‍රවාහන ආදී දීමනා අනුමත කිරීම කොයිතරම් සාධරණීයද..? මෙසේ කරනවා නම් රාජ්‍ය සේවයේ අනෙක් අයටත් මේ ආකාරයෙන් නොමිලේ ප්‍රවාහන දීමනා ලබාදිය යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site