IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මැතිවරණ වියදම් වාර්තාව පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න)

පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2024 අංක 44 දරනා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 52 වන වගන්තිය ප්‍රකාරව පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව නිකුත් කරනු ලබන අතර, පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම පිණිස මහ මැතිවරණයක් පැවැත්වීමට නියම කරමින් ප්‍රකාශනයක් හෝ ආඥාවක් ප්‍රසිද්ධ කර සති තුනක් ඇතුළත රටේ මුල්‍ය කත්ත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවක් භාණ්ඩාගාර ලේකම් විසින් මහජනතාවට ඉදිරිපත් කළ යුතුය. 

එකී වාර්තාව 2024-10-14 දින මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් 50 වන වගන්තිය ප්‍රකාරව ආණ්ඩුවේ මුල්‍ය ක්‍රමෝපායෙහි දක්වා ඇති මූල්‍ය ක්‍රමෝපාය සසඳමින් ආණ්ඩුවේ වසර මැද මූල්‍ය කාර්ය සාධනය ඇගයීමේ පදනමක් වශයෙන් යොදා ගනු ලබන තොරතුරු ඇතුළත් වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව අදාළ වසරේ ඔක්තෝබර් මස අවසන් දින හෝ අදාළ වසරේ විසර්ජන පනත සම්මත කර මාස 10ක් ගත වීම හෝ යන දින දෙකෙන් පසුව එළඹෙන දිනයේදී මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් මහජනතාව වෙත ඉදිරිපත් කළ යුතුය. එම වාර්තාව 2024-10-31 දින මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇත. 

ඒ අනුව, පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව - 2024 සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව - 2024 පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

මැතිවරණ වියදම් වාර්තාව පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site