IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවීම නතර කළ යුතුයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ පැවැත්වීම සඳහා බලයක් ලැබී තිබෙන වෙලාවක එම මැතිවරණ කොමිසම තේරීම් කාරක සභාවක් හරහා විමර්ශනයට ලක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයක් නොවේයැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙය මැතිවරණ කොමිසමට ලබාදී තිබෙන ස්වාධීනත්වයට පාර්ලිමේන්තු බලය අනිසි උපයෝගී කර ගැනීමක් බවද මන්ත්‍රීවරයා කීය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ යෝජනාව තිබෙන්නේ මැතිවරණ  කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංගණය කිරීමක් බව කී මන්ත්‍රීවරයා මෙරට මැතිවරණයට ඉතිහාසයට තිබෙන්නේ ඉතා කළු කැත ඉතිහාසයක් බව කීය.

 යම් ප්‍රමාණයකට හෝ මේ මැතිවරණ ස්වාධීන කිරීම සඳහා  මැතිවරණ  කොමිෂන් සභාව පිහිටුවනු ලැබූ බවද රටේ මැතිවරණ පැවැත්වීම පිළිබඳව සහ ඊට අවශ්‍ය නියාමන ක්‍රියා මාර්ග සියල්ලම මැතිවරණ කොමිසමට බලයක් ලෙස පැවරී තිබෙන බව අනුර දිසානායක මහතා කීය.

ජනාධිපතිවරයා ජනමතයට මුහුණ නොදී පලා යන්න උත්සාහයක් තිබෙන අතර මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවීමට දරන ප්‍රයත්නය  නතර කළ යුතු යැයිද අනුර දිසානායක මහතා සඳහන් කළේය.



අදහස් (3)

මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවීම නතර කළ යුතුයි

මැක්ස් Tuesday, 18 July 2023 04:10 PM

ඒක හරි. එන්න කියන වෙලාව බැරි වෙලාවත් එක මැතිවරණ කොමිසමක් වෙනුවට දෙකක් ආවොත්. අර ඕස්ට්‍රේලියාවේ ඇම්බියුලන්ස් එනවා කිව්වා වගේ.

:       11       3

ANURA ROME Tuesday, 18 July 2023 06:47 PM

අනේ මේ අපතයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය

:       0       0

Demuni Uduwara Wednesday, 19 July 2023 03:39 AM

ස්වාධීන මැතිවරණ කොමිසමේ ප්‍රතිරූපය කඩා නොදැමිය යුතුයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site