IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


මැතිවරණයට මුදල් නොදුන්නොත් විපක්ෂයේ පක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට

(ඩයනා උදයංගනී)

පළාත් පාලන මැතිවරණයට වෙන් කර ඇති මුදල් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට මුදල් අමාත්‍යාංශ හා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා දින 7ක් තුළ කටයුතු නොකළොත් විපක්‍ෂයේ සියලු පක්‍ෂ ඔහුට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.  

ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පරිදි මැතිවරණ කොමිෂන් සභාවට මුදල් නොදුන්නොත් උසාවියට අපහාසයක් කළා සේ සළකා එතුමාට එරෙහිව අදාල පියවර ගන්නා ලෙස විපක්‍ෂයේ සියලු පක්‍ෂ එක්ව අධිකරණයෙන් ඉල්ලා සිටින බව ද පීරිස් මහතා සඳහන් කළේය.

එමෙන්ම මේ තත්වය සම්බන්ධයෙන් ලබන සතියේ සිට ජාත්‍යන්තරය ද දැනුම්වත් කරන බව ඔහු පැවසීය.

ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වන විට පළාත් පාලන ආයතනවල කාලය අවසන්ව ඇති අතර, මැතිවරණය සම්බන්ධයෙන් අවිනිශ්චිතභාවයක් ඇතිව තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක නොවුවහොත් එය අනාගතයේ දී භයානක පූර්වාදර්ශයක් විය හැකි බව කී මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව හමස් පෙට්ටියට දැමීම මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් ලබන සතියේදී පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවීමට රජය බලාපොරොත්තුවීම ද අනුමත කළ නොහැකි බව පැවසීය.



අදහස් (0)

මැතිවරණයට මුදල් නොදුන්නොත් විපක්ෂයේ පක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 298 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 822 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1240 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site