(අංජුල මහික වීරරත්න)
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා මැතිවරණ කොමිසමේ සහ අනෙකුත් ආයතනවල අවුල් ඇතිකර ගැනීමෙන් වලකින්නැයි ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි.
මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරමින් මේ දක්වා ගැසට් නිවේදනයක් නිකුත් කර නැති බවද දිනය ප්‍රකාශ කරන නිවේදනයකට කොමිසමේ සාමාජිකයන් බහුතරයක් අත්සන් තබා නැති බවට ද දැනගන්නට ලැබී ඇතැයි කියන මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට අමතරව එහි නිත්‍යානුතූල වලංගුභාවයද ඉතා වැදගත් වන බව සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණය පිළිබඳව ජනතාවගේ බියක්ද දැඩි අවිශ්වාසයක් ඇති නොවන පරිදි සෑම විටම පාරදෘෂ්‍යභාවයකින් හා වගවීමකින් යුතුව කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය පළාත් පාලන මැතිවරණයට අදාළ සෑම තොරතුරක්ම මහජනතාවට දැන ගැනීමට හැකිවන පරිදි ප්‍රසිද්ධියට පත් කරන ලෙසද පවසයි.
ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ කේ.බී හේරත් මහතාගේ අත්සනින් අදාල නිවෙිදනය නිකුත් කර ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මැතිවරණයට පෙර අවුල ලිහන්න