
(කාංචන කුමාර ආරියදාස)
මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් තොග වෙළඳසල් හිමියන් සහල් තොග සඟවාගෙන ජනතාවට අලෙවි නොකර සිටින සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇතැයි මාතලේ දිස්ත්‍රීක් ලේකම් තේජානී තිලකරත්න මහත්මිය පැවැසුවාය.
ඒ සම්බන්ධයෙන් සොයාබලා වහාම එම ස්ථානා වැටලීම් සිදුකරන ලෙස ද මාතලේ දිස්ත්‍රීක් ලේකම් මාතලේ පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.
විශේෂයෙන් දඹුල්ල නගරයේ වෙළඳසල් කිහිපයකම පැරැණි සහල් තොග බව ප්‍රකාශ කරමින් පාරිභෝගික ජනතාවට සහල් අලෙවී නොකිරීම සම්බන්ධයෙන් තමන්ට පැමිණිලි කිහිපයක් ලැබුණු බවත් මාතලේ ,රත්තොට ,ලග්ගල ,ගලේවෙල, නාවුල, ආදී ප්‍රදේශවල මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත සහල් අලෙවි කරන වෙළඳසල් වෙත ද තමන් පෞද්ගලිකවම ඉල්ලා සිටින්නේ මහජනතාවගේ මිලදී ගැනීමේ ඇති අයිතියක් නවතා දමන්නේ නම් ඔවුන්ට විරුද්ධව නීතිමයකින් ක්‍රියාමාර්ග ගන්නා බවය.
භාණ්ඩවල මිල ඉහළ යද්දී ඒවා අලෙවි කරන වෙළඳුන් සිටින රටේ හදිසි සහල් හිඟයක් ක්‍රියාත්මක වන අවස්ථාවේ තමන්ගේ ලාභය පමණක් පදනම් කරගෙන වෙළඳාම් කටයුතු සිදුනොකරන ලෙස තමන් මාතලේ දිස්ත්‍රික්කයේ වෙළඳසල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද තේජානී තිලකරත්න මාතලේ දිස්ත්‍රික් ලේකම්වරිය ඉල්ලී වැඩිදුරටත් පැවැසුවාය. විශේෂ වැටලීම් 09 දින සිටම ක්‍රියාත්මක කරන ලෙස තම පාරිභෝගික නිලධාරී කණ්ඩායම උපදෙස් ලබා දුන්නේ යැයි ඇය වැඩිදුරටත් පැවැසුවාය.
දඹුල්ල නගරයට දීවයිනේ විවිධ ප්‍රදේශවලින් පාරිභෝගික ජනතාව පැමිණෙන බවත් මහා පරිමාණ වී මෝල්වලින් මෙවන විටත් සහල් තොග විශාල වශයෙන් දඹුල්ල නගරය වෙළඳසල්වලට ලැබී තිබෙන බවත් එසේ ලැබී තිබියදී ඔවුන් සතු වූ වැඩි මිලට ලබාගත් බව කියන සහල් පාලන මිලට ලබාදීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු යැයි ඇය පැවැසුවාය.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතලේ සහල් තොග සඟවන ජාවාරමක්
Asela Monday, 09 December 2024 08:38 PM
මාළිගාවත්ත ජුම්මා මුස්ලිම් පල්ලිය අසල කඩ සාප්පු සෝදිසි මෙහෙයුම් කරන්න. සෑමවිටම ඉතා ඉහළ මිලකට සහල් සඟවා ගෙන අළෙවි කරනවා.