IMG-LOGO

මාතලෙන් හමුවූ ආසාදිතයා වැලිකන්ද රෝහලට

( මහේෂ් කීර්තිරත්න සහ රවීන්ද්‍ර විරාජ්)

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන මාතලේ, පල්ලේපොල , ඇහැලේපොල  ප්‍රදේශයේ පදිංචි විධායක ශ්‍රේණියේ නිලධාරියෙකුට කොරෝනා - 19 වයිරසය ආසාදනය වී ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සේපාලි වික්‍රමතිලක මහත්මිය අද (06) දා පැවසුවාය.

ඔහුට ඇති වූ අසනීප තත්වය හේතුවෙන් මාතලේ මහ රෝහලෙන් ප්‍රතිකාර ගෙන පසුව මහනුවර මහ රෝහලේ දී පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කළ බවත්, එහිදී වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවත්, එම පුද්ගලයා මේ වන විට වැලිකන්ද මූලික රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව ද පැවසුවාය.

මොහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා ද මේ වන විට ඔවුන්ගේ නිවෙස් තුළම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ අධීක්‍ෂණය යටතේ ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත්, වයස අවුරුදු 15 ක් වන පිරිමි දරුවාට ද සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්වය ඇති නිසා පී.සී.ආර්. පරීක්‍ෂණවලට ලක් කරන බවත්, මොවුන් ඉගෙනුම ලබන මාතලේ සහ මහනුවර  පිහිටි විද්‍යාල දෙකෙහි අධ්‍යාපන බලධාරීන් වෙත මේ පිළිබඳව දන්වා ඇති බවත්, ඉදිරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සියලු පියවර ගෙන ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරිය වැඩිදුරටත් පැවසුවාය.

 මෙම අය ආශ්‍රය කළ පුද්ගලයින්ට යම් උණ රෝගයක් හෝ වෙනත් අසනීප තත්වයකින් පෙළෙන්නේ නම් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් දැනුවත් කර අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට වහාම රජයේ රෝහල් වෙත යොමුවෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරිය පැවසුවාය.  



අදහස් (1)

මාතලෙන් හමුවූ ආසාදිතයා වැලිකන්ද රෝහලට

kasun Tuesday, 06 October 2020 06:25 AM

අපි කොරෝනා ගැටලුවට මුහුණ දුන්නේ නැහැ. දැන්.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site