IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මාතර මහින්දේ සිවිලිමෙන් පුපුරණ ද්‍රව්‍ය

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැරණි කාමරයක් අලුත්වැඩියා කරන අවස්ථාවේ දී එහි සිවිලිමේ සඟවා තිබු ගිනි අවියක්, පතොරම් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද හමු වී ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙම විද්‍යාලය ඇතුළු අවට භූමිය 2015 වසරේ දී දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් වෙන් කර තිබු අතර ඊට පැමිණෙන ප්‍රභූවරයකු ඉලක්ක කර ගෙන මෙම අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය ගෙනවිත් සගවා තැබුවේද ? එසේත් නොමැති නම් වෙනත් අපරාධයකට සැලසුම් කළේද ? යන්න සෙවීම සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම සිවිලිම තුළ සගවා තිබු විදේශීය රටක නිෂ්පාදිත බවට සැක කළ හැකි ගිනි අවියක්, ටී 56 වර්ගයේ ගිනි අවි සදහා භාවිතා කළ හැකි මිලි මීටර් 7.62 පතොරම් 20 ක්, මිලි මීටර් 9 වර්ගයේ පතොරම් 138 ක් , මිලි මීටර් 3.2 පතොරම් 31 ක්, ඩෙටනේටර් 02 ක්, ටී.එන්.ටී.යයි සැක කළ හැකි පුපුරණ ද්‍රව්‍ය ග්රෑම් 194 ක්,ඩෙට් කෝඩ් (සේවා නූල්) දිග සෙන්ටි මීටර් 115 ක් ඇතුළු තොගයක් පොලීසිය සොයා ගනු ලැබීය.



අදහස් (6)

මාතර මහින්දේ සිවිලිමෙන් පුපුරණ ද්‍රව්‍ය

fairoos Monday, 18 September 2023 07:11 PM

සහරාන්ගේ වැඩක් වෙන්න ඇති...

:       3       27

රිෆාන්Tuesday, 19 September 2023 08:30 AM

නෑ... නෑ... සහරාන්ලාගේ වැඩක් වෙන්න ඇති. පසුගිය කාලයේ ගෙදර තිබූ මහ පිහියටත් ICCPR යටතේ අත්අඩංගුවට ගත්තා මේවාට සම්බන්ධ අයට මොනවා කරයිද දන්නැහැ.

:       0       0

C.K.Lankaputhra Monday, 18 September 2023 10:06 PM

හිටි ගමන් එහෙන් මෙහෙන් පුපුරන ද්‍රව්‍ය හම්බවෙනවා වගේ. අනාරක්ෂිතයි වත්ද? ලී ක්වාන්යූ ට එන්න කියමුද? අනේ මගෙ කට.

:       0       1

Perera Tuesday, 19 September 2023 04:52 AM

වඳ කොත්තු ,වඳ බ්‍රෙෂියර් ,වඳ ජංගි එහෙම තිබුනේ නැද්ද?තව හොඳට බලන්න

:       1       1

Udaya Tuesday, 19 September 2023 08:39 AM

රට බේරාගැනීම මාතරින් අරඹමු...!!

:       1       1

Menaka Wijesuriya Tuesday, 19 September 2023 09:40 AM

ප්‍රභූ හොරු යැයි නිවැරදි විය යුතුයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 111 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 39 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site