IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මාතර බන්ට් එකක් කැඩේ

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

අත්තුඩාව ගල්බන්ට් එකේ කොටසක් කඩා ගෙන ගොස් ගංවතුර පිටාර ගැලීමට පටන් ගැනීම නිසා යුද හමුදා සාමාජිකයන් යොදවා වැලිකොට්ට ගසා එම බැම්ම ආරක්ෂා කර ගැනීමට අද (05) කටයුතු කළ බව මාතර දිස්ත්‍රික් ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

විශේෂයෙන්ම එම බැම්ම තව දුරටත් කඩා ගෙන ගියහොත් මාතර නගරය අවධානමට ලක්විය හැකි නිසා එම තීරණය ගෙන තිබුණි.

ඒ අනුව වාරිමාර්ග ඉංජිනේරුවන්ගේ අධීක්‍ෂණය යටතේ යුධ හමුදා සාමාජිකයින් ගල්බන්ට් එක පිලිසකර කරන අයුරු දැක ගත හැකි විය.

එම බැම්ම පැවති ප්‍රමාණයට වඩා උස් කරන බවට පැතිර ගිය තොරතුරක් මත ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියේය.

ඔවුන් ගල්බන්ට් එක කිසි ලෙසකින් උස් කිරීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කලේය.

පසුව එම ස්ථානය නිරික්ෂණය කිරීමට දකුණු පලාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද පැමිණියේය.

එහිදී වාරි මාර්ග නිලධාරීන් හා ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්වයක් ද ඇති විය.ගල්බන්ට් පැවති ප්‍රමාණයට පමණක් පිලිසකර කරන ලෙස එහිදී ආණ්ඩුකාරවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එසේ බැම්ම උස් කරන්නේ නම් දෙපාර්ශ්වයම කැදවා සාකච්ඡා කර විසදුමක් ලබා දෙන බව අබේවර්ධන මහතා කියා සිටියේය.

මෙම බැම්ම හේතුවෙන් මාලිම්බඩ හා අවට ගම්මාන ජලයෙන් යට වන බවත් එය තවත් උස් කළහොත් තම ගම්මානවල පදිංචි කරුවන්ගේ පීඩාව වැඩි වන බවත් ප්‍රදේශවාසීන් පැවසීය.



අදහස් (0)

මාතර බන්ට් එකක් කැඩේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site