IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මෛත්‍රී - නිමල් සිරිපාල සභාපති ලෙස පිලි ගනී

(රන්ජන් කටුගම්පොල සහ මනෝප්‍රිය ගුණසේකර)

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක්  අභියාචනාධිකරණය හමුවේ සමථයකට පත් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් මෙම පෙත්සම ගොනුකොට තිබිණි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහාතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී ඔහු එම ධුරයේ කටයුතු කිරීම හරහා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව සඳහන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

මෙම පෙත්සම  අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීණි.

එම අවස්ථාවේදී වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් නොවන බවටත් වත්මන් සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ ලේකම්වරයා සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන වන්නේ කිය.

එම කරුණු මත මෙම පෙත්සම සමථයකට පත් කිරීමට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

එම දැනුම් දීම සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බවත් එම කරුණු මත පෙත්සම සමථයකට පත් කිරීමට එකඟ වන බවත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේය.

 



අදහස් (3)

මෛත්‍රී - නිමල් සිරිපාල සභාපති ලෙස පිලි ගනී

ජිල්බු Monday, 16 December 2024 01:24 PM

ජාතියට විහිළු සපයන්නෝ සහ මළමිනියට මරාගන්න භාර්යාවෝ නිර්මාණයක්. රස සාගරයක්...

:       0       40

ලයිය Monday, 16 December 2024 01:25 PM

බදුල්ලේ පගා කප්පිත්තා, සාරියක් සායක් දැක්කත් කුලප්පු වෙනවා පොලොන්නරුවේ කෙනා කට ඇරියොත් පච, කොමිස් මරුවා, එකට හිරගෙදරත් යන්න වෙන පාටයි...

:       0       22

පිටරටවැසියා Monday, 16 December 2024 01:38 PM

දැන් ඩාලිපාරට හොඳවායින් ඇඳකුයි, අඟ-පසඟ තියෙන ස්ත්‍රී රත්නයකුයි තමයි අඩුපාඩු...

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site