(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර අධ්‍යාපන කලාපයේ කාර්ය මණ්ඩලයට මැද්දවත්ත අත්‍යාවශ්‍ය සේවා පිරවූම්හලෙන් ඉන්ධන නිකුත් කිරීමට සැලසුම් කර තිබුණ ද ඉන්ධන තොග නොලැබීම නිසා මෙම සතියේ පාසල් පැවැත්වීම අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බව පෝලිමේ සිටි ගුරුවරුන් පැවසීය.
විශේෂයෙන්ම මාතර මහ දිසාපතිවරයා විසින් මාතර අධ්‍යාපන කලාපයේ ගුරුවරුන්ට මැද්දවත්ත ඉන්ධන පිරවුම්හල වෙන් කර දී තිබුණි.
ඒ සදහා ඊයේ (25) සවස සිට අධ්‍යාපන කාර්ය මණ්ඩලය පෝලිමට එකතු වී සිටි අතර අද සවස් වන තෙක්ම ඉන්ධන තොග නොලැබීම නිසා ඔවුන් මාතර කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධය දැක්වීය.
පෙට්‍රල් ලීටර් 6600 ක් ගැනීම සදහා අධ්‍යාපන කාර්ය මණ්ඩලයේ 4000 කට වැඩි පිරිසක් පෝලිම් වල සිටියේය.
වාහන පෝලීම කිලෝ මීටර් හතරක් පමණ දුර කුඹල්ගම දක්වා ද යතුරු පැදි පෝලිම කිලෝ මීටර් දෙකක් දුර රස්සන්දෙනිය දක්වාද විහිදී ගොස් තිබුණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මාතර ගුරුවරුන්ට තෙල් නෑ:මේ සතියේ පාසල් නවතී?