IMG-LOGO

මත්ද්‍රව්‍ය සඟවාගෙන ආ ඉරාන කතක් අත්අඩංගුවට

(ප්‍රසාද් මුතුකුඩ සහ ටී.කේ.ජී. කපිල)
 
හයිබ්‍රිඩ් කුෂ් නමින් හඳුන්වන ගංජා ග්‍රෑම් 400 ක් ඉතා සූක්ෂම ලෙස ගමන් මල්ලක සඟවාගෙන පැමිණි ඉරාන ජාතික  කාන්තාවක් (24)  පොලිස්  මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අද (31)  අත්අඩංගුවට ගනු ලැබීය.

එහි වටිනාකම  ලක්ෂ 16 පමණ වන බව පොලීසිය කියයි. කටාර් ගුවන් සේවයට අයත් කිව්. ආර්. 668 දරණ ගුවන් යානයෙන් ඇය පැමිණ ඇත්තේ  ඉරානය  සිට  දෝහා  හරහා බව පොලීසිය පවසයි. 

කටුනායක ගුවන්තොටුපලේ  බැංකු ලොබිය අසල රාජකාරි නියුතුව  සිටි මත්ද්‍රව්‍ය කාර්යංශ නිළධාරින්  විසින් ඇය අත්අඩංගුවට ගෙන ගමන් මළු පරික්ෂා කිරීමේදී  එහි ව්‍යාජ  පතුලක ගංජා පැකට්  සඟවා  තිබී හමුවිය.

මෙවැති මත් ද්‍රව්‍ය ප්‍රමාණයක් ප්‍රථම වරට අත්අඩංගුවට ගන්නා ලද්දක් බව පොලීසිය කියයි.

ඇය මීගමුව අධිකරණයට ඉදිරිපත් කර ලබා ගන්නා රැඳවුම් නියෝග මත රඳවාවා ගෙන ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ  මූලස්ථායට ඉදිරිපත් කරනු ලබන  බව පොලීසිය පවසයි.
 



අදහස් (4)

මත්ද්‍රව්‍ය සඟවාගෙන ආ ඉරාන කතක් අත්අඩංගුවට

sandy123 Thursday, 31 January 2019 06:23 AM

හැමදාම එක නිව්ස් එකක් හරි තියෙනවා මේ මත්ද්‍රව්‍ය සම්බන්ධව. අපේ රට නොම්මර එකේ මත්ද්‍රව්‍ය තිප්පොළක් වෙලා. නීතිය හරියට ක්‍රියාත්මක කර මරණ දඬුවම ක්‍රියාත්මක කරලා දෙතුන් දෙනෙක්ව එල්ලුවා නම් මෙය සෑහෙන දුරකට පාලනය කල හැකියි. කොහේද අපේ ඉහළ බලවත් උන්නැහැලාගේ කයිවාරු විතරයි. වැඩ පුස්.

:       0       0

smn Thursday, 31 January 2019 09:32 AM

මේ අය මොන මොන බලපෑම්වලට ලක්වෙලා මේව කරනවද කියල අපිට කියන්න බැහැ. ඒව හොයාගන්න ක්‍රමයක් අවශ්‍යයි.

:       0       0

Ananda Thursday, 31 January 2019 12:02 PM

මේගොල්ලෝ තමයි කුඩුවලින් ලෝකේ අනිත් අයව විනාස කරන්නේ .

:       0       0

sady123 Thursday, 31 January 2019 12:15 PM

හැමදාම එක ප්‍රවෘත්තියක් හරි තියෙනවා මේ මත්ද්‍රව්‍ය සම්බන්ධව. අපේ රට නොම්මර එකේ මත්ද්‍රව්‍ය තිප්පොළක් වෙලා. නීතිය හරියට ක්‍රියාත්මක කර මරණ දඩුවම ක්‍රියාත්මක කරලා දෙතුන් දෙනෙක්ව එල්ලුවනම් මෙය සෑහෙන දුරකට පාලනය කල හැකියි. කොහේද අපේ ඉහල බලවත් අයගේ කතාව විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 626 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site