
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බස් ව්‍යාපාරය කරන මුවාවෙන් කොළඹ මත්ද්‍රව්‍ය රැගෙන විත් මිල්ලනිය ප්‍රදේශයේ කුලියට ගත් නිවසක බෙදාහැරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය බස්රථ ව්‍යාපාරිකයකු ඇතුළු තිදෙනෙක් මිල්ලනිය සිසිල වත්ත නිවසක දී අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හොරණ කොළඹ බස් රථයක හිමිකරුවෙකු සහ එහි කොන්දොස්තරවරයෙකි . අනෙක් පුද්ගලයා බෙදාහැරීමේ නියෝජිතයාය
එම සැකකරුවන් සමග හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 20 ක්,කේරළ ගංජා ග්‍රෑම් 20 ක්,අයිස් මත්ද්‍රව්‍ය පැකට් 15 ක්,ගංජා කූරු 4 ක් මෙන්ම කඩු දෙකක් ද, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් 73000 ක මුදලක්ද , මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියත්,සහ ජංගම දුරකථන තුනක්ද පොලිසිය භාරයට ගෙන ඇත .
මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේතුංග මහතාට ලද තොරතුරක් එම නිවස වැටලීමේදී සැකකරුවන් තිදෙනා හොරයින් මත්කුඩු පැකට් කරමින් සිටි බව පොලිස් නිළධාරියෙකු පැවසීය
මීට මාස එකහමාරකට ඉහතදී බස්රථ හිමි ව්‍යාපාරිකයා රුපියල් 13000 මුදලකට නිවස කුලියට ගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අනුරාධපුර සහ මාතර පදිංචිකරුවන් ය. සැකකරුවන් අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මත්ද්‍රව්‍ය-කඩු - මුදල් සමග තිදෙනෙක් මිල්ලනිය දී අත්අඩංගුවට