
(සුමිත් පොතුපිටිය සහ දයා හේමන්ත සිල්වා )
මූණට මිරිස්කුඩු ප්‍රහාර එල්ලකර රන්මාල කොල්ලකන සංවිධානාත්මක කණ්ඩායමක පස්දෙනෙකු ජීව අත්බෝම්බයක්, වාහන සහ භාණ්ඩ කිහිපයක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, පන්විලහේන වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන් බව පොලිසිය කීය.
සැකකරුවන් පස්දෙනා ත්‍රිරෝද දෙකෙන් සහ සොරකම් කල යතුරුපැදියකින් ගොස් මහමග ගමන්ගන්නා කාන්තාවන්ගේ මුහුනට මිරිස්කුඩු ප්‍රහාර එල්ලකර රන්මාල කොල්ලකා ඇති බවට හෙලිව ඇති බවත්,ව්‍යාපාරික ස්ථාන වල ඇති භාණ්ඩ සොරකම් කර ඇති බවත් පොලිසිය කීය.
කොල්ලකෑ රන්මාලයක්, ජෙනරේටරයක්, වාහන සේදුම් යන්ත්‍රයක්, ජංගම දුරකථනය දෙකක් සහ කොල්ලකෑමට යොදාගත් ත්‍රීරෝද දෙකක් සමග සොරකම්කල යතුරුපැදියද සොයාගෙන ප්‍රධාන සැකකරු සන්තකයේ ජීව අත්බෝම්බයක්ද තිබී සොයාගත් බව පොලිසිය සදහන් කරයි.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.
කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් වරුන්වන ජයසිංහ (51130) , බංඩාර (70395), කොස්තාපල් වරුන්වන ප්‍රභාත් (82857), අමරසිංහ, (97414), වීරසිංහ (102930 ) වැටලීමට එක්වූහ.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මූණට මිරිස්කුඩු ගසා රන්මාල කොල්ලකෑ 5ක් අල්ලයි
ලලින්ද්‍ර Monday, 05 June 2023 02:41 PM
කළුතර රත්තරන්ගේ අඩිපාරේ යන බුද්ධිමත් ජනතාව...
Kumar (Gulf) Tuesday, 06 June 2023 12:12 AM
පස්දෙනාම "පොහොට්ටුවෙන්" පාර්ලිමේන්තුවට යාමට සුදුසුකම් ලබයි.