(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
මැණික් ව්‍යාපාරිකයෙකු බස් රථයකදී අමතකව දමා ගිය රුපියල් 2,500,000 ක් වටිනා මැණික් ගල් 13 ක් සහිත පාර්සලයක් සොරා ගත් පෞද්ගලික බස් රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි.
මැණික් ව්‍යාපාරිකයෙකු ව්‍යාපාර කටයුත්තක් සඳහා මැණික් ගල් 13ක් අඩංගු පාර්සල් දෙකක් කුඩා බෑගයක දමාගෙන බස් රථයකින් අවිස්සාවේල්ල නගරය කරා පැමිණ ඇති අතර එම කුඩා බෑගය බස් රථය තුළ අමතකව දමා ගොස් තිබූ බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව බස් රථය ගාල්කර තිබූ අවිස්සාවේල්ල මා දොළ ප්‍රදේශයේ ස්ථානයට ගොස් රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු සන්තකයේ තිබී සොරා ගත් මැණික් ගල් සහිත පාර්සලය සොයා ගැනීමට හැකි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42 ක් වන ලක්ෂ කන්ද එරත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැණික් සොරා ගත් රියදුරු අත්අඩංගුවට