(අංජුල මහික වීරරත්න)
වගා කන්න 03කට පසු පළමු වතාවට මෙරට ගොවිජනතාවට වී වගාවට අවශ්‍ය මඩ පොහොර හෙවත් TSP පොහොර රැගත් MV INCE PACIFIC නෞකාව අද (16) දින පාන්දර කොළඹ වරායට පැමිණියේය.
එම නෞකාවෙන් මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් මෙරටට රැගෙන විත් ඇති අතර, ඉදිරියේදී තවත් එවැනිම මඩ පොහොර නෞකාවක් පැමිණීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ USAID ආයතනවල දායකත්වයෙන් මෙම මඩ පොහොර ලබා දී තිබේ. 2022/23 මහ කන්නයේ වී වගා කළ එහෙත් 2023 යල කන්නයේ වී වගා කළත් නොකළත්, මෙරට ලක්ෂ 12ක් වන සියලුම වී ගොවීන්ට මෙම මඩ පොහොර තොගය නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති පරිදි, හෙක්ටයාර් 01කට මඩ පොහොර කිලෝග්‍රෑම් 55ක් බැගින් නොමිලයේ ලබා දීමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මඩ පොහොර නැව එයි
Senaka Thursday, 16 March 2023 11:01 AM
ලංකාවේ පොස්පේට් නිධියක් තියාගෙන, ආර්ථිකේ නැට්ටටම කෙල වෙලා තියෙද්දීත්, ඉතාම සරලව හදන්න පුලුවන් ට්‍රිපල් සුපර් පොස්ෆේට් ලංකාවෙ හදන්නෙ නැතුව පිට රටින්ම ගෙනෙන්. තාම ඕක හදන්න සැලසුමක් වත් තොපිට නැද්ද.
පැරකුම්Thursday, 16 March 2023 03:12 PM
එහෙම කොහොමද ලංකාවෙ හැදුවම කොහොමද කොමිස් ගහන්නෙ නිකං මෝඩ කතා කියන්නැතුව ඉන්න සේනක.
Bunny Preena Friday, 17 March 2023 09:28 AM
එහෙනම් මහ මැතිවරණයක් ළඟදීම තියන්න යන පාටයි