IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මඩකළපුව-කොළඹ දුම්රියට වන අලියෙකු හැපිලා

( නිමල් ජයරත්න )

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු දුම්රියට  අද(03 )  මනම්පිටිය මහවැලි පාලම ආසන්නයේදි වන අලියෙකු  ගැටීමෙන්  අලියා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව මනම්පිටිය වනජීවී කාර්යාලය සඳහන් කරයි.

සෝමාවතී වනෝද්‍යානයේ සිට ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට මාරුවෙමින් සිටි වන අලියෙකු මෙලෙස දුම්රියට ගැටී ඇති අතර වන අලියා අවුරුදු විසිපහක් පමණ වයස පිරිමි සතෙකු බව මනම්පිටිය වනජීවී කාර්යාලයේ අඩවි සහකාර ආර්.ආර්  ශාන්ත මහතා සඳහන් කළේය.

අසාධ්‍ය තත්ත්වයේ පවතින වන අලියාට ප්‍රතිකාර කිරීම සඳහා ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි මහතා ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ළඟාවෙමින් පවතිනද මනම්පිටි‍ය වනජීවි නිලධාරීන් සඳහන් කරයි.

වන අලි මාරු වන ස්ථානයේම මෙම අලියා දුම්රියේ ගැටී ඇති අතර, මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ මනම්පිටිය වනජීවී කාර්යාලයේ වනජීවී  නිලධාරීන් පිරිසක් විසින් සිදුකරයි. වන අලියා දුම්රියට ගැටීමෙන් මීටර් 20ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඇති අතර මෙම අනතුරෙන් දුම්රිය සිල්පර කොට කීපයකට හානි සිදුව ඇත.
 



අදහස් (8)

මඩකළපුව-කොළඹ දුම්රියට වන අලියෙකු හැපිලා

Ahmed (Gulf) Monday, 03 March 2025 11:51 AM

බොනවා, නිදාගන්නවා, දුම්රිය පදිනවා අලි මරනවා

:       0       15

wedage Monday, 03 March 2025 11:57 AM

කැමරාව තිබුණේ නැද්ද මේ දුම්රිය එන්ජිමේ

:       0       11

ජනරළ Monday, 03 March 2025 02:07 PM

මේ කොච්චි වලට බැරිද ඔය රියදුරන් වෙනුවට ඔටෝ එන්ජින් ඩ්රයිවර් දාලා යන්න.

:       0       2

ගුණරත්න Monday, 03 March 2025 02:15 PM

කෝ ආණ්ඩුව හදනකාලේ කිවූ වගවීම? සතියකට කලින් අලි 7ක් ඝාතනය කළා, දැන් තව එකෙක්. පරිසර ඇමති කෝ, ප්‍රවාහන ඇමති කෝ? මොනවද විසඳුම්?

:       1       9

සිව්හෙලය Monday, 03 March 2025 03:01 PM

මේ පාරට කලින් අවිස්සාවේල්ලට ගිය පුංචි කෝච්චිය දාන්න. අලින්ට හානියක් නෑ ඒකෙන්.

:       1       3

Ro Monday, 03 March 2025 03:34 PM

බොනවා... මුන් එන්ජින් එකේ ඉඳන් බොන එක තමයි කරන්නේ ලේ සහ මුත්‍රා පරික්ෂා කෙරුවනම් බඩු මාට්ටු

:       0       9

kamal Tuesday, 04 March 2025 05:42 AM

රියදුරන් බීමත්ව රාජකාරි කරන බවට තොරතුරු ඔවුන්ගේනම් ලැබිලා තියෙනවා

:       0       0

hashitha Tuesday, 04 March 2025 08:19 AM

මොන අපරාදයක්ද මේ ? වගකියවයුත්තෝ නිදිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site