IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මොටර් රිය මාර ගසක වැදී අයෙක් මරුට:4ක් රෝහලට

(ඇල්ල ප්‍රසාද් රුක්මල් ) 

ඇල්ල සිට බදුල්ල නගරයේ දේවස්ථානයකට යමින් සිටි පිරිසක් රැගත් මෝටර්රථයක් බදුල්ල  - බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල  කෝව්ල අසලදී අද (2) උදෑසන  මාර්ගයෙන් ඉවතට පැන මාරගසක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් කුඩා දරුවන් දෙදෙනකු ඇතුලු සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි .

ඇල්ල බණ්ඩාරවෙල පාර පදිංචි ඇල්ල නගරයේ සංචාරක හෝටලයක් පවත්වා  ගෙන යන  බණ්ඩාරවෙල ප්‍රදේශයේ පෞද්ගලික පාසල ක  සේවය කරන රොශාන් සරින් ජෙකොබ් (52) නැමති අය අනතුරින් මියගිය බවද පොලිසිය කීය .

ඔහුගේ බිරිද අසාධ්‍ය තත්ත්වයෙන් බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවද බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .

ඇල්ල බණ්ඩාරවෙල පාරෙ සංචාරක හෝටලයක පවත්වාගෙන යන මියගිය පුද්ගලයා සහ ඔහුගේ  බිරිද අද (2) උදෑසන  බදුල්ල නගරයේ දේවස්ථානයක  පැවත්වෙන උදෑසන  දේව මෙහෙයකට සහභාගි වීමට මෝටර්රථයෙන් යමින් සිටියදී අතර මගදි   මොවුන්ගේ හිතවත් දෙමෝදර  ඇතුල්කන්ද ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මව සහ දරුවන් දෙදෙනා ද මෝටර් රථය ට නංවා ගෙන ගොස් ඇති බවත් පොලිසිය පැවසීය .



අදහස් (3)

මොටර් රිය මාර ගසක වැදී අයෙක් මරුට:4ක් රෝහලට

ඇන්තනී Sunday, 02 July 2023 11:47 AM

නොදන්නා නිසා හා නොතේරෙන නිසා අහන්නේ තමුන්ගේ අනුගාමිකයින් ආරක්ෂා කරන්න බැරි අයෙක්ගෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ කොහොමද?

:       2       4

Pradeep KumaraSunday, 02 July 2023 12:24 PM

කිසිම ආගමික ශාස්තෲවරයෙකුට තම අනුගාමිකයින්ට සිදුවන මේ වගේ අනතුරුවලින් මුදවා ගැනීමේ හැකියාවක් නෑ. තමන් වපුරපු බීජවල අස්වැන්න තමන්ටම නෙලා ගන්න වෙනවා.

:       0       4

dilip Sunday, 02 July 2023 12:56 PM

කරුමක්කාර පාලකයින් පත්කර ගත්තාට ඒවගේ ප්‍රතිඵල, අඩුගානේ හොඳ වාහනේක ගියා නම් එයාබෑග්එකෙන් හරි මෙයාගේ ජීවිතේ බේරෙන්න තිබුණා... ලෝකයේ දියුණු වාහන තියෙනවා. අපි කබල් වාහන පදිනවා. මොවුන්ට හෙණ ගහන්න ඕනෙ නේද?

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site