IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මෝටර් රිය අඩි 200ක් පහළට : අයෙක් රෝහලට

(රංජිත් රාජපක්ෂ  )                    

එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක් ප්‍රපාතයෙන් පිහිටි කාසල්රි ජලාශය අසලට පෙරලිමෙන් එම මෝටර් රථයේ ගමන් ගත් එක් කාන්තාවක් තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසීය.

හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව තිබේ.

මස්කෙලිය ප්‍රදේශයේ අවමංගල උත්සවයකට සහභාගි වි ආපසු කොළඹ ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශය දක්වා ධාවනය කරමින් තිබු මොටර් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට පැමිණි බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදි මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බව පොලීසිය සඳහන් කළේය.

මොටර් රථය අනතුරට පත් වන අවස්තාවේ මොටර් රථය තුල කුඩා ළමයෙකු ඇතුළු සිව්දෙනෙකු ගමන් කර ඇති බවත්, එම සිව්දෙනාම වාහනයේ ආරක්ෂක බද පටි පැළද සිටි නිසා අනතුරෙන් එක් අයෙකුට පමණක් සුළු තුවාල සිදු වි ඇති බව පොලිසිය පැවසීය.

 

 

 



අදහස් (2)

මෝටර් රිය අඩි 200ක් පහළට : අයෙක් රෝහලට

ජයනාත් Friday, 07 June 2024 10:13 AM

සියලු දෙනාම සුව පත් වේවා !ෂීට් බෙල්ට් වල වැදගත්කම දැන්වත් තේරෙනව ද.

:       0       44

sachith Friday, 07 June 2024 11:32 AM

"එම සිව්දෙනාම වාහනයේ ආරක්ෂක බඳ පටි පැළද සිටි නිසා අනතුරෙන් එක් අයෙකුට පමණක් සුළු තුවාල සිදු වී ඇති බව පොලිසිය පැවසීය" මෙන්න මේක තමා අපේ ගොඩක් අයට අමතක වෙලා තියෙන්නේ

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site