IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මෝටර් රියක් අඩි 25කින් පහළට

( සමන් පාලිත නානායක්කාර )

කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා  ධාවනය  වෙමින් තිබූ මෝටර් රථයක් අද (16) උදෑසන හපුතලේ නගරය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි  විසි පහක පමණ ප්‍රපාතයක පිහිටි  තේ වත්තකට පෙරළී තිබේ.

එහි ගමන්ගත් රියදුරු තුවාල නොලබා බේරී ඇතැයි හපුතලේ පොලීසිය කියයි. කොළඹ සිට බණ්ඩාරවෙල හල්පේ  දක්වා පැමිණි පුද්ගලයකු මෙසේ මෝටර් රථයෙන් ගමන් ගෙන තිබේ.

රියදුරා ට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි මූලික පරීක්ෂණවලදී පොලිසියට අනාවරණය වී තිබේ. හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

 



අදහස් (0)

මෝටර් රියක් අඩි 25කින් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 207 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 402 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site