
අනුරාධපුරය ගොවිජන සේවා කාර්යාලයේ නීති නිලධාරිනිය පැදවූ මෝටර් රථය ඇල්ල ප්‍රදේශයේදී ඊයේ (17) පෙරවරුවේ මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් සිදු වූ අනතුරකින් ඇයගේ පියා, මව සහ අවුරුදු තුන හමාරක් වයසැති පුත්‍රයා එතැනම මියගොස් ඇතැයි නාගොල්ලාගම පොලීසිය කියයි.
අනතුරට පත් මෝටර් රථය පදවාගෙන ගිය නීති නිලධාරිනි චන්දිමා වර්ණකුලසූරිය සහ ඇයගේ පුංචි අම්මා වන එම්.එම්. පුංචිමැණිකේ යන දෙදෙනා බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ද නාගොල්ලාගම පොලීසිය සඳහන් කරයි.
එම අනතුරෙන් මියගොස් ඇත්තේ, නීති නිලධාරිනියගේ පියා වන සුනන්ද වර්ණකුලසූරිය, මව වන එම්.එම්. ලීලාවතී සහ ඇයගේ පුත්‍රයා වන ආදිත්‍ය මනුල නමැති තිදෙනාය.
නීති නිලධාරිනිය පැදවූ මෝටර් රථය අනුරාධපුර–කුරුණෑගල මාර්ගයේ වේගයෙන් ගමන් කර තිබූ අතර, වේගය පාලනය කරගැනීමට නොහැකි වීම නිසා හෝ ඇයට නින්ද යාම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පනින්නට ඇතැයි සැක කරන බව ද නාගොල්ලාගම පොලීසියේ ප්‍රකාශකයෙක් පැවැසීය.
තුවාලකරුවන් මුලින් වාරියපොළ දිසා රෝහලටත්, පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලටත් ඇතුළත් කළ බව ද ඔහු පැවැසීය.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින එක් රෝගියකුගේ තත්ත්වය බරපතළ බව ද රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.
අනතුරට පත් පිරිස අනුරාධපුර ගුවන්තොටුපොළ අසල, ඉසුරුපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් ඊයේ උදෑසන කුරුණෑගල හරහා කොළඹ බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.
අනතුරෙන් මෝටර් රථයේ ඉදිරිපස කොටසට දැඩි හානි සිදු වී ඇති අතර, රථයේ වායු බැලුනය ක්‍රියාත්මක වීම හේතුවෙන් මෝටර් රථය පැදවූ කාන්තාව තුවාල ලබා බේරී ඇති බව ද පොලීසියේ නිලධාරියෙක් කීවේය.
මෝටර් රථය අනතුරට පත් වූයේ, මෝටර් රථය පැදවූ නීති නිලධාරිනියට නින්ද යාම හේතුවෙන් ද නැති නම් වේගය පාලනය කරගැනීමට නොහැකි වීම නිසා දැයි විමර්ශනය කරන බව ද ඔහු පැවැසීය.
පුෂ්පකුමාර ජයරත්න, රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ,සංජීවනී කෝට්ටේගොඩ, සිසිර නන්දන කැලේගම, උපුල් හේරත් සහ බී.ජී. චතුරංග

2025 දෙසැම්බර් මස 18
273
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝටර් රථය ගසක හැපී 3ක් මරුට