( ශාන්ත චන්ද්‍රසිරි)
රජය විසින් වැඩිකරන ලද රුපියල් 1000 දෛනික වැටුප නිසි ලෙස තමන්ට ලබා දෙන ලෙස වතු සමාගමට බල කරමින් තලවකැලේ, ලිඳුල, මටේකැලේ වතුයායේ වතු කම්කරුවන් අද (14) උද්ඝෝෂණයක නිරතවුහ.
රජයේ හා වැටුප් පරිපාලක සභාවේ චක්‍රලේඛණවලට පටහැගිව යමින් වැවිලි සමාගම් විසින් පැය අටක දිනක සේවයට ලබා දෙන රුපියල් 1000 ක දෛනික වැටුප නොගෙවා විවිධ කොන්දේසි දමමින් ඉන් අඩක් ගෙවීමට පියවර ගෙන ඇතැයි උද්ඝෝෂණයේ නිරත වතු කම්කරුවෝ පවසා සිටියහ.
වතු සමාගම විසින් මීට පෙර වතු කම්කරුවන්ට ලබාදුන් සුභසාධන කටයුතු කිසිවක් මේ වනවිට ලබා නොදී සිටින බවත්, අසාධාරණ ලෙස දිනකට තේ දළු කිලෝ 20 ක් කැඩිය යුතු බවට වතු පාලන අධිකාරිය විසින් පවසා සිටින බවද ඔවුහු පවසා සිටියහ.
මටේකැලේ වතුයායේ වතු කම්කරුවන් 300 ක පමණ පිරිසක් කලු කොඩි ඔසවමින් හා පෝස්ටර් ප්‍රදර්ශණය කරමින් තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට එක්රැස්ව මෙසේ උද්ඝෝෂණයේ නියලිණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මටේකැලේ වතු යායේ කම්කරුවෝ පාරට බසිති