IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මඟ මරුවා දැරියට තුවාල කර පියා බිලි ගනී

(සමිපත් ප්‍රියනන්දන සහ ඉඹුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි)

සිය හත්හැවිරිදි දියණිය අනතුරට පත් කර පළා ගිය ලොරි රථය පිටුපස හබා ගිය පියෙකු ලොරිය නවතා රියදුරු බස්සවාගැනීමට රියදුරු අසුන පැත්තේ වීදුරුවේ එල්ලීමේදී ලොරියේ රියදුරු රථය ඉදිරියට ධාවනය කර විදුලි කණුවක හප්පවා එම පියා මරණයට පත් කර ඇතැයි බලන්ගොඩ පොලීසිය කියයි.

බලන්ගොඩ  කහටපිටිය මාර්ගයේදි ඊයේ (01) මෙම අනතුර සිදු කර  ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පල්ලෙබැද්ද,  අමිබැවිල  ප්‍රදේශයේ පදිංචිව සිටි  වයි.ඒ.   තිලිණ රංගලාල් නැමති  තිස්දෙක හැවිරිදි පියෙකු මෙලෙස මරණයට පත්ව  ඇතැයි පොලිසිය කියයි.

බල්ලෙකු  සපාකා සිටි සිය දියණියට  එන්නත් ලබා ගැනීමට පියා සහ මව  සමග යතුරු පැදියෙන් බලන්ගොඩ මුලික රෝහලට පැමිණ  එන්නත්  ලබා ගෙන  නැවත  අමිබැවිල ප්‍රදේශය දක්වා  යතුරු පැදියෙන්  ගමන් කර  තිබේ.

අනතුරුව යම් අවශ්‍යතාවකට බලන්ගොඩ  නගරයේ ප්‍රධාන  බස්  නැවතුම්පොළ හරහා  යතුරු  පැදිය ධාවන කර ඇති අතර එහිදී  පැමිණ  ලොරි  රථයක්   යතුරු පැදියේ හප්පා තිබෙන අතර එහිදී  සත් හැවිරිදි දැරියට  තුවාල  සිදු කර ලොරි රථය  පලා ගොස් ඇත.

දරුවා  බලන්ගොඩ  මුලික රෝහලට ඇතුළත්  කරන මෙන්  බිරිඳට  පවසා  පලාගිය  ලොරි රථය  පිටුපස යතුරු පැදියෙන් කිලෝමීටර් කිහිපයක්   ලුහුබැඳ ගොස් ලොරි  රථය  ඉදිරියෙන්  යතුරු පැදිය  නතර  කර රියදුරු අල්ලා  ගැනිම සදහා  ලොරි රථයේ රියදුරු අසන පැත්තේ ඇති   විදුරුවෙි  සහ  දොරේ   එල්ලි  ඇතැයි තොරතුරු අනාවරනය වී ඇති බව පොලීසිය කියයි.

 



අදහස් (5)

මඟ මරුවා දැරියට තුවාල කර පියා බිලි ගනී

සෙනෙවිරත්න Friday, 02 August 2024 01:34 PM

නීතිය අතට ගන්න ගියාම වෙන දේවල්. වාහනයේ අංකය ලියාගෙන පොලීසියට දුන්නා නම් ඉවරයි නේ. රියැදුරා අල්ලාගෙන මරන්නද අවශ්‍ය වෙලා තිබුණේ කියලා.. සැකයි...!

:       37       34

Bunny Preena Friday, 02 August 2024 02:44 PM

කවුරු මොන විදිහේ අර්ථකථන දුන්නත්... පියෙකුගේ සෙනෙහස දන්නේ හොඳ පියෙකු පමණි.

:       1       57

Sarasi Friday, 02 August 2024 10:19 PM

හදසි තීරණ ගන්න යෑමේදී ජීවිතෙන්ම වන්දි ගෙවන්න වුණානේ. දැන් මොන දේ වුණත් වැඩක් නෑනේ. දරුවාට තාත්තා අහිමි වෙලානේ. ලොරිකාරයා ගල් මූසලයෙක්. හිතලම මැරුවනේ...

:       0       1

sk Saturday, 03 August 2024 07:39 AM

මෙවැනි අයට මරණ දඩුවම් දිය යුතුයි...

:       0       1

sumanasiri Saturday, 03 August 2024 08:53 AM

ඔක්කොටම වඩා මේ රියදුරන්ට විනය නැහැ ,අනතුරක්වුණු වහාම රියදුරු පොලිසියට යාම කල යුතුයි ,අනෙක රටේ රියදුරන් සඳහා පවතින නීති ඉතාම ඇල්මැරුණු ඒවා ,මේ මැද පෙරදිග රියදුරන් සඳහා නීති ඉතාම තදයි ,එම නිසා අනතුරු ඉතාම අඩුයි

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site