(බුලත්සිංහල ලක්මි)
මව විසින් මගුල් ගෙදර ගමන නැවැත් වූ 13 හැවිරිදි මු සිසුවියකගේ සිරුර නාන කාමයේ එල්ලෙමින් තිබියදී සොයා ගෙන ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ වේයන්ගල්ල පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවියක් වන අතර ඇය අළුත්ගම, අටළුගම ප්‍රදේශයේ නෙවාසිකාගාරයක සිට එම ප්‍රදේශයේ පාසලක අධ්‍යාපන කටයුතු සිදු කරයි.
නේවාසිකාගාරයේ සිට ඇය ඊයේ (07) තම නිවසට පැමිණ තිබේ, නිවසට පැමිණි සිසුවිය එළඹෙන දිනක පැවැත්වීමට නියමිත මගුල් ගෙදරකට තමන්ද සහභාගිවීමට අවශ්‍ය බව තම මවට පවසා තිබේ. ඒ සඳහා දියනිය සහභාගී වීම අවශ්‍ය නොවන බවත් තම නේවාසිකාගාරයට ගොස් එදිනට පාසල් යාමට සූදානම් වන ලෙසත් මව විසින් තම දියණියට අවවාද කර තිබේ,
පසුව පාසල් සිසුවිය මෙදින රාත්‍රි නානකාමරයට ගොස් පැමිණීම ප්‍රමාද වූ නිසා නිවැසියන් නාන කාමරයේ දොර කඩා බලද්දි සිසුවිය එහි එල්ලෙමින් සිටියදී සොයාගෙන ඇත.
.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මඟුල්ගෙදර ගමන නතර වූ සිසුවිය අවසන් ගමන් ගිහින්
Nammuni Sunday, 09 July 2023 03:24 PM
අකීකරු දරුවෝ.... ඔබට නිවන්සුව පතමු.