(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
ක්‍රිකට් තරගයක් අතරතුර දී ප්‍රහාරයට ලක්ව තුවාල ලබා සිටි සිසුවා අද රාත්‍රී ප්‍රතිකාර සඳහා නැවතත් කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස නැවතත් රෝහල් ගත කරනු ලැබේ ලැබුවේ කළුතර තිස්ස ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයාය.
කළුතර තිස්ස ජාතික පාසල සහ කළුතර මහා විද්‍යාලය අතර පැවැති එක්දින තරගයේ අවසන් දින කළුතර මහා විද්‍යාලයේ ජය ගැනීමත් සමගම පරාජිත කණ්ඩායමේ නරඹන්නන් පිටියට කඩා බෙදී කලහකාරී ලෙස හැසිරීමත් සමගම දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් සිදුවී තිබිණි.
එහිදී ක්‍රිකට් පිති ප්‍රහාරයට ලක්ව තිබූ සිසුවා කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කර අනතුරුව සි ටි ස්කෑන් පරීක්ෂාවක් සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර සිටියදී රෝහලෙන් මුදා හැරීමෙන් පසුව නිවස වෙත ගොස් තිබිණි.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැංගුස් සටනේ දී ගුටි කෑ සිසුවා යළි රෝහලට