IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මැංගුස් සටන කොඩි දැමූ සිසුවා කණුවකට යටවේ

(සුමිත් පොතුපිටිය)

බිග් මැච් එකට ගාලුපාරේ ධජ එල්ලීමට ගොස් සිටී තරුණයකු අඩි 50 ක් පමණ උසැති කොඩි කනුවක් ශරීරය මතට වැටී බරපතළ තුවාල ලබා ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය ජාතික පාසල අතර ලබන 21 සහ 22 යන දෙදින තුල පැවැත්වෙන මැංගුස් සටන වෙනුවෙන් කළුතර විද්‍යාලය ඉදිරිපිට විදුහල් ධජය අඩි 50 ක් පමණ ඉහළට දැමීමට ගිය සිසුවෙකු මෙසේ රෝහල් ගතකර ඇතැයි පොලිසිය කීය.

සිසුන් සියයකට අධික පිරිසක් එක්ව සිට ඇති බවත්, අඩි 50 ක් පමණ උසැති කනුවේ කළුතර විදුහලේ ධජය ගාලුපාරට සහ දුම්රිය මාර්ගයට දර්ශණය වන අයුරින් එසවීමට යාමේදී සමබර තාවය මිදීගොස් ගාලුපාර හරහා වැටී ඇතැයි සදහන් වේ.

කොඩි කනුව බිම පතිතවීමේදී පාර මැද සිටී සිසුවාගේ ශරීරය මතට වැටී ඇතැයි පොලිසිය පවසයි.

දකුණ කකුලේ දණහිසෙන් පහළ කොටසට දැඩි ලෙස හානි සිදුව වම් අතට සුළු තුවාල සිදුව ඇති බවත් රෝහල් ප්‍රකාශකයක් පැවසීය .

 



අදහස් (8)

මැංගුස් සටන කොඩි දැමූ සිසුවා කණුවකට යටවේ

හෂාන් Saturday, 08 April 2023 02:16 PM

මේ බිග් මැච් කරන හානියක් ළමයන්ට. ළමයි මේවගේ අනතුරුදායක දේවල් කරනතුරු ගුරුවරු බලාගෙන ඉන්නවාද? ළමයි පාසලට පැමිණි පසු ඒ අයගේ ආරක්ෂාව ගුරුවරුන්ට බාරයි...

:       10       20

prabash Saturday, 08 April 2023 04:08 PM

ඉස්කෝලෙ ගිහින් ළමයින් තමන් කැමැති දේවල් කරලා ගෙදර එනවා. බලන්න කවුරුවත් නැහැ. මීට පස්සේ ළමයින් ඉස්කෝලේ ගියාම දෙමව්පියන්ටත් ඉස්කෝලේ යන්න වෙන කාලයක් ඒවි. විදුහල්පති, වගකිව යුතු ගුරුවරු නිදි...

:       11       12

sugathSaturday, 08 April 2023 07:10 PM

මෙවැනි දේ නැවත්වීමට අද විදුහල්පති හෝ ගුරුවරයෙක් ළමයෙකුට දඬුවම් කළොත්, ඔහුට සිදුවන්නේ පොලිසියට යාමටයි.

:       0       1

rocky Sunday, 09 April 2023 06:26 AM

ගුරුවරුන්ට විතරක් දොස් දැකීම වැරැදියි. ළමයින්ගේ අම්මලා, තාත්තලාත් තමන්ගේ දරුවන්ගේ කටයුතු ගැන සොයාබැලිය යුතුයි...!

:       0       1

සමන්ත Sunday, 09 April 2023 07:42 AM

ඇත්තටම බිග් මැච් ඉස්සර තිබ්බේ කොළඹ, මහනුවර, ගාල්ල ප්‍රධාන පාසල්වල දැන් මේක වසංගතයක් වගේ හතර වටේ දුවලා... තමන්ට නැති දෙයක් පෙන්වන්න හදනවා.

:       0       1

අතුල පෙරේරා Wednesday, 19 April 2023 06:07 AM

සමන්ත මහතා කියනපරිදි බ්ක්මැච් ඉස්සර කොලබ,ගාල්ල,නුවර විතරයි නම්,වාර 60කටත් වඩා මේ මැච් ගහල තියෙන්නේ මාසයකට වරක්ද දන්නෙනෑ ........ඔබතුමා ඉපදෙන්නත් පෙරසිටම ඔය මැච් ගැහුව, දැන් වුනදේ වුනා,ඒ දරුවාට ඉක්මන් සුවය සදහා යමක් කරන්න ....මේදේ වෙලා තියෙන්නෙ රාත්‍රි කාලයේදී,එමනිසා ගුරුවරුන්ට දොස් පැවරීම අසාදාරනයි.......

:       0       0

Bambini Sunday, 09 April 2023 03:26 PM

දුවලා විතරක් නෙමෙයි, ගොඩක් අනතුරු දේවල් කරන්නේ පුතාලා...

:       0       0

sam Sunday, 09 April 2023 04:40 PM

මේ කමෙන්ට් ලියන හැමෝම වැඩිහිටියන් හැටියට ඉපදුණු අය වෙන්න ඇති. මමත් ඔය වයසේදී ඔය දේවල් කළා. වාසනාවකට මේ වගේ අනතුරක් කරගත්තේ නැහැ. මේ දේවල් දෙමව්පියන්ගේ වරදවත්, ගුරුවරුන්ගේ වරදවත් නොවෙයි. වයසේ වැරැද්ද. ඒ කොල්ලාට ඉක්මන් සුවය පතනවා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site