IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැගසින් බන්ධනාගාරයට හානි කළ රැඳවියන්ට ලක්‍ෂ 55ක් ගෙවන්න වෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

නීතී විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් මීට වසර 12කට පෙර බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළදී කැරලි ගසා බන්ධනාගාර දේපළ වලට රුපියල් ලක්ෂ 52කට අධික අලාභ හානි කිරීම සහ පුද්ගලයින්ට පහරදී බරපතළ තුවාල කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් බන්ධනාගාර රැඳවියන් 39 දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා රුපියල් ලක්‍ෂ 55 1/2ක වන්දි ගෙවීමට අද (04) නියම කළේය.

සිද්ධියේදී තුවාල ලැබු නිහාල් ගුණවර්ධන මහතාට රුපියල් ලක්‍ෂ 03ක වන්දි මුදලක්ද බන්ධනාගාරයට ලක්‍ෂ 52 1/2ක වන්දියක්ද චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුවන්ට ගෙවීමට නියම කළ විනිසුරුවරයා අධිකරණය මඟහැර සිටින හා වරද පිළිනොගත් විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුව විභාග කිරීමටද නියම කළේය.

2012 ජනවාරී මස 24 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බොරැල්ල මැගසින් බන්ධනාගාරයේදී කැරලි ගසා බන්ධනාගාර දේපළ වලට රුපියල් ලක්ෂ 52කට අධික අලාභ හානි කිරීම සහ පුද්ගලයින්ට පහරදී බරපතළ තුවාල කිරීම ඇතු`ථ චෝදනා යටතේ ඒ අවස්ථාවේදී බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 47 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා ඇත.

නඩුව කැඳවු අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන් 45 දෙනාගෙන් විත්තිකරුවන් 43 දෙනෙකු අදාළ චෝදනාවන්ට සිය නීතීඥවරු මාර්ගයෙන් වරද පිළිගත් අතර චෝදනා ලැබ සිටින විත්තිකරුවන් දෙදෙනෙකු අධිකරණය මඟහැර ගොස් සිටිති.

වරද පිළිගත් විත්තිකරුවන්ට බන්ධනාගාරයට වු හානි වෙනුවෙන් රුපියල් 52,48,800/-ක මුදලක්ද බරපතළ තුවාල ලැබූ නිහාල් ගුණවර්ධන නමැත්තාට රුපියල් ලකෂ තුනක මුදලක්ද වන්දි වශයෙන් ගෙවීමට විත්තිකරුවන්ට නියම කළ විනිසුරුවරයා එක් එක් විත්තිකරු රුපියල් 1,27,000/- බැගින් වන්දි ගෙවීමට නියම කළේය.

අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන් 43 දෙනා අතුරින් මෙම නඩුව සම්බන්ධයෙන් පමණක් රිමාන්ඩ බාරයේ රඳවා සිටි විත්තිකරුවන් 24 දෙනෙකු ඇපමත මුදා හැරීමට නියම කළ අතර වෙනත් නඩු ස`ඳහා සිරදඬුවම් නියමව සිටින විත්තිකරුවන් තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමටද නියම කළේය.

නඩුව ලබන දෙසැම්බර් 14 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදිනන අධිකරණයේ පෙනී සිටින ලෙස සිය`ථම විත්තිකරුවන්ට නියම කළ අතර වරද පිළිනොගත් විත්තිකරුවන් දෙදෙනාට සහ අධිකරණය මඟහැර සිටින විත්තිකරුවන් දෙදෙනාට එරෙහි එරෙහිව නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට තීරණය කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතීඥ රවිඳු ජයකොඩි මහතා පෙනී සිටියේය.



අදහස් (2)

මැගසින් බන්ධනාගාරයට හානි කළ රැඳවියන්ට ලක්‍ෂ 55ක් ගෙවන්න වෙයි

දීපාල් Monday, 04 November 2024 04:06 PM

අර පාර්ලිමේන්තු එකේ කඩපු අයට මොනවද කරන්නේ...? ඔවුන් උත්තරීතරද?.

:       0       0

අමල් Tuesday, 05 November 2024 12:30 PM

එදා තිබුනේ ජෙප්පන්ගේ රැස්වීමක් ! එකතුවෙලා හිටියේ ජෙප්පෝ සෙට් එකක් . දැන් ජෙප්පන්ගේ ආණ්ඩුව සල්ලි ගෙවලා, ජෙප්පෝ සෙට් එක එළියට ගන්නවා !

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site