IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මංගල ගමනට සූදානම් වු මනාලියට ඇසිඩ් ප්‍රහාරයක්

(තරංග ගුණරත්න)

විවාහ උත්සවයට සුදානම් වෙමින් සිටි මනමාලියට ඇසීටි ප්‍රහාරයක් එල්ලවීමෙන් එම තරුණියක බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි .

වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේ නිවෙසකදී මෙම ප්‍රහාරය එල්ලවී ඇත. 

ආගමික චාරිත්‍රානුකූලව අති උත්කර්ෂවත් ලෙස ගාල්ල ප්‍රදේශයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු ඇයගේ නිවසේ කටයුතු සංවිධානය කරද්දී අද අළුයම 3:00 පමණ තරුණියගේ නිවසට පැමිණි පුද්ගලයකු  මනමාලියට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකොට පලා ගොස් ඇතැයි පොලිසිය කියයි .

ප්‍රහාරයට ලක් වූ මනමාලිය කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.

ප්‍රහාරයට ලක් වූ තරුණිය වසර කිහිපයකට ඉහතදී වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයකු සමග පැවැති ප්‍රේම සබඳතාවයක් මව්පියන්ගේ උපදෙස් මත එය නවතා දැමීමට තරුණිය කටයුතු කර තිබේ.

එයට පලිගැනීමක් වශයෙන් විවාහ උත්සවයට සූදානම් වෙමින් සිටී මනාලියට පැරණි පෙම්වතා බව කියන පුද්ගලයා විසින් මෙම ඇසීටි ප්‍රහාරය එල්ල කොට ඇති බව අනාවරණය වි ඇති බව මූලික පරීක්ෂණවලින් අණාවරය වී ඇතැයි පොලිසිය කියයි. 

ඔහු කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව පොලිසිය කියයි.

 



අදහස් (11)

මංගල ගමනට සූදානම් වු මනාලියට ඇසිඩ් ප්‍රහාරයක්

කිරිපතා Saturday, 27 May 2023 03:18 PM

පිරිමියෙකුට හෝ කාන්තාවකට තම සහකරු තෝරා ගැනීමේ අයිතියක් තියෙනවා. අවුරුදු ගාණක් ආදරය කළ පලියට සහ අහිමිවීමෙන් මෙවැනි තිරිසන් ක්‍රියාවක් කරන්නට පෙළඹෙන්නේ ආදරය නිසා නොවෙයි තනිකරම ලිංගික ඊර්ෂ්‍යාව නිසා. ඔහුට නිසි දඬුවම් නීතියෙන් නොවුනත් කර්මය විසින් ලබාදෙයි..

:       5       158

saman Saturday, 27 May 2023 04:14 PM

ආදරය කියන වචනේ පාවිච්චි කරලා ගණිකා වෘත්තිය කරන ගැහැණු, පිරිමින්ට මේක හොඳ පාඩමක්...

:       90       19

dilip Saturday, 27 May 2023 04:20 PM

කර්මය කිය කියා ඉඳලා වැඩක් නෑ. එයාටත් මේවගේම දඬුවමක් දෙන්න ඕනෑ...

:       6       50

විජේ Saturday, 27 May 2023 05:00 PM

හරියටම වැරැදිකරු තහවුරු වුණායින් පස්සේ මේ හා සමානම දඬුවමක් දිය යුතුමයි. හිරේ යවලා පිනට කන්න බොන්න නොදී ගෙදර ඉඳලා විඳවන්න පුළුවන් දඬුවමක් දිය යුතුයි.

:       0       1

නිලමෙ Saturday, 27 May 2023 06:00 PM

පොලොස් ගෙඩියක‍් කඩා ගත්තටත් පිහියෙන් අනින පලාතෙ නේද?

:       0       0

Sampath Saturday, 27 May 2023 09:30 PM

කොල්ලව හූරන් කාලා පොල්ල තියලා යන්න සෙට් වෙන්න ඇති .මොනවා උනත් යන්න දෙන්නයි තිබුනේ .කමෙන්ට්ස් දාන කවුරුත් මේකේ අග මුල නොදැන ක්‍රියාව ගැන විතරයි හිතලා තියෙන්නේ

:       0       0

පිටිගල මිලානෝ Sunday, 28 May 2023 01:47 AM

ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ

:       0       0

Sampath Sunday, 28 May 2023 03:32 AM

අවි ගත්තෝ අවියෙන්ම නසති!! බූදුබණ බොරැ නැත.!

:       0       0

මෝ Sunday, 28 May 2023 03:44 AM

අමු තිරිසනෙක්.මෙවැනි විශබීජ සමාජයෙන් ඉවත් කල යුතුයි

:       0       0

ලුම්බිණි Sunday, 28 May 2023 04:22 AM

තවමත් බොහෝ පිරිමින් සිතාගෙන ඉන්නේ ගැහැණු කියන්නේ පාරිභෝගික භාණ්ඩයක් කියල.

:       0       0

Bunny Preena Monday, 29 May 2023 01:29 PM

ආදරය කියන වචනය ඇතුලේ දැන් ගැබ්වෙලා තියෙන්නෙ වෛරයයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site