(මනෝප්‍රිය ගුණසේකර)
මීගමු බන්ධනාගාරය තුළ සිදුවු දුෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව එහි හිටපු බන්ධනාගාර අධිකාරීවරයා, ප්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකු වරෙන්තු මත අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපතිවරයා අපරාධ පරීෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂවරයාට අද (22) උපදෙස් දුන්නේය.
බන්ධනාගාරය තුළ සිදුවු දුෂණ ක්‍රියාවන් පිළිබඳව රහස් පොලිසිය විසින් සිදුකර විමර්ශන වල උධෘත සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව නීතීපතිවරයා අපරාධ පරීෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂවරයාට එලෙස උපදෙස් දුන් බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
මීගමු බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස කටයුතු කළ අනුරුද්ධ සම්පායෝ මහතාට අමතරව වරෙන්තු මත මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇත්තේ එහි ප්‍රධාන ජේලර්වරයා වශයෙන් කටයුතු කරන උපාලි සරත් බණ්ඩාර, වැඩබලන ජේලර් නිශාන්ත සේනාරත්න සහ දෙවැනි පෙළ ජේලර් ප්‍රසාද් කාලිංග කළුඅග්ගල නමැති නිලධාරීන් සිව්දෙනෙකි.
මීගමු බන්ධනාගාරය තුළ සිදුවු බව කියන විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් රහස් පොලිසියට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන වලදී හෙළි වු කරුණු නීතීපතිවරයාට දැනුම් දුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් ඉදිරි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇතැයි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න වැඩිදුරටත් පැවසුවාය.
ඒ පිළිබඳව අධ්‍යනය කිරීමෙන් අනතුරුව මොවුන් පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කොට මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙසත් ඒ අනුව ඔවුන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත් අපරාධ පරීෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අත්අඩංගුවට ගන්න නියෝග
සුනිල් ලන්සා Wednesday, 22 July 2020 11:33 AM
මීගමුවේ කුඩු නවත්තන්න බැරි ප්‍රධාන හේතුව මීගමුවේ කුඩු බෙදාහරින දේශපාලකයා දෑත් ශක්තිමත් කරන කෙනෙක් වීමයි.
ranaThursday, 23 July 2020 08:56 AM
අපිව ලස්සනට රවුමෙ ගන්නවනේ...!! මෙ නාටක හිරේ ඉන්න ලොකුම කුඩ්ඩා එළියට ගැනීම නේද?
සමිත සේනක අලුත්ගමගේ Wednesday, 22 July 2020 12:49 PM
අධිකරණ සේවා කොමිෂන් සභාව, නීතිපතිතුමා ඇතුළු සෑම වගකිව යුතු අංශ මේ සඳහා කැප වී ක්‍රියාකිරීම වැදගත්...
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 22 July 2020 01:53 PM
ව්‍යාජ ලේඛන ඉදිරිපත්කොට කුඩ්ඩන් පාතාලයන් මැරයන් ආදීන්ට හිරගෙදර අධි සුඛෝපභෝගී පහසුකම් ලබාදුන් නීතිවිරෝධී නිලධාරීන් අත්අඩංගුවට ගෙන හොඳ හැටි සලකා සත්‍ය දැනගෙන ඔවුන්ට නිසි දඬුවම් දීම කඩිනම් කළ යුතුයි...
sharm warn Thursday, 23 July 2020 03:29 AM
මේ තවත් කට්ටියක්.