IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මීගමුවේ ඉඳන් ලෝකයටම ගේම් දීලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහාපරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචාවකට සම්බන්ධ විදේශිකයන් ඇතුළු පුද්ගලයන් 33 කු මිගමුව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

ඒ අතර කාන්තාවන් දෙදෙනකුද වන බව පොලිසිය කියයි.

සැකකරුවන් සහ සැකකාරියන් සමඟ මහා පරිමාණ මූල්‍ය වංචාව සඳහා යොදාගත් ජංගම දුරකථන 109 ක් පරිගණක 46 ක් හා ලැෆ් ටොෆ් පරිගණක 3 ක් පොලිස් භාරයට ගෙන ඇත.

එම සැකකරුවන් සහ සැකකාරියන් අතර පාකිස්ථාන, ඇල්ජීරියා නේපාලය, ඉන්දුනීසියා හා ශ්‍රී ලාංකිකයන් ද වන බව පොලිසිය සඳහන් කරයි.

නාඳුනන පුද්ගලයකු විසින් වට්ස්ඇප් සමූහයකට තමන්ව එක්කරගත් අතර ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයේ වීඩියෝ සඳහා ලයික් හා කමෙන්ට් දැමීමෙන් මුදල් ඉපැයිය හැකි බවට එම සමූහය මගින් දැනුම්දුන් බවත් එලෙස ලයික් සහ කමෙන්ට් කිරීම වෙනුවෙන් අවස්ථා කිහිපයකදී තමන්ට රුපියල් 750 බැගින් මුදල් ලැබුණු බව කාන්තාවක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණිලි කර තිබිණි.

වැඩිදුරටත් මුදල් ඉපැයීමට අවශ්‍යනම් ඔවුන්ගේ ටෙලිග්‍රෑම් සමූහයකට එක්ව මුදල් ආයෝජනය කරන ලෙස අදාල සමූහය මගින් තමන්ට දැනුම් දුන් බවත් ඒ අනුව මුදල් ආයෝජනය කළද,ඊට අදාළ ලාභය ඉල්ලා සිටි අවස්ථාවේදී අදාළ සමූහයේ ඇඩ්මින්වරයා පැමිණිලිකාර කාන්තාවට පවසා ඇත්තේ, එම මුදල් ලබාගැනීමට නම් බැංකු ගිණුමක් වෙත මුදලක් බැර කරන ලෙසයි.

ඒ අනුව පැමිණිලිකාර කාන්තාව රුපියල් ලක්ෂ 54ක මුදලක් අවස්ථා කිහිපයකදී එම බැංකු ගිණුම වෙත බැර කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එහෙත් පොරොන්දු වූ පරිදි ලාභ නොගෙවීම හේතුවෙන් ඇය ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අංක දෙක මූල්‍ය විමර්ශන ඒකකය වෙත පැමිණිලි කර තිබිණි.

ඒ අනුව, එම දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත, විමර්ශන ආරම්භ කර මුදල් යොමුකළ බැංකු ගිණුම් දෙකක් පිළිබඳව විමර්ශන නිලධාරීන් අනාවරණ කරගත් අතර එම ගිණුම් හිමි පියපුතු යුවලක් පේරාදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, තමන්ද අදාළ වංචාවට හසුව ඇති අතර ජාවාරම්කරුවන්ගේ දැනුම්දීම පරිදි බැංකු ගිණුම් දෙක ආරම්භ කළ බවයි.

වැඩිදුර විමර්ශනයේදී අදාළ බැංකු ගිණුම් මගින් ඔන්ලයින් හරහා ලබාදී තිබූ පීසා ඇණවුමක් පිළිබඳ විමර්ශකයින්ගේ අවධානය යොමුව තිබූ අතර එම පීසා ඇනවුම මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසකට ලබාදුන් බවට විමර්ශන නිලධාරීන්ට අනාවරණ හැකි වී තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

 



අදහස් (2)

මීගමුවේ ඉඳන් ලෝකයටම ගේම් දීලා

Saman Tuesday, 25 June 2024 10:13 PM

පහුගිය වකවානුවේ සිද්ද උන ඔන්ලයින් පිරමීඩ වංචා ඔක්කොම වගේ කරන්න ඇත්තේ මේ කට්ටිය

:       1       6

Prabha Tuesday, 25 June 2024 10:14 PM

අපේ හරක් කවදා පාඩමක් ඉගෙන ගනීද දන් නෑ .ලක්ෂ 54 නොදන්නා එකෙක්ට දෙන්නේ තියන තණ්හාවට

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site