(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ දී සමෘද්ධි සහායකවරයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත්බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර පෙදරේරුවකු හා මාළු ව්‍යාපාරිකයකු ද වන බවත් මොවුන් පාදුක්ක සහ මීගොඩ පදිංචි වයස අවුරුදු 22 - 38 අතර පසුවන අය බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවකු වෙඩික්කරු සමඟ පැමිණි පුද්ගලයකු බවත් අනෙක් පුද්ගලයන් දෙදෙනා ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් අය බව පොලිසිය කියයි.
එම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර මීගොඩ පුවක් වත්ත ප්‍රදේශයේදී වෙඩික්කරු අත්අඩංගුවට ගත් අතර යුද හමුදාව සේවයෙන් පලා ගිය අයකු වන අතර ඔහු ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ අසල්වාසී නිවසක පදිංචිකරුවෙකි.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීගොඩ ඝාතනයට තවත් තිදෙනෙකු අත්අඩංගුවට
Charith Monday, 23 December 2024 10:13 AM
ඝාතකයා හරියටම තහවුරු නම්, කොන්ත්‍රාත් එක දුන්නේ කවුරු උනත් එල්ලුවනම් මේ කොන්ත්‍රාත් කාරයො බය වෙනවා ...දෙකක් එල්ලන්න තියෙන්න බලන්න පුලුවන් වෙනස....කොහෙද මාසයයි, දෙකයි ඇප දුන්න බඩු එලියෙ