IMG-LOGO

මුඛ සෞඛ්‍යය රැක ගැනීම වැදගත්

මුඛය යනු මිනිස් සිරුරේ ප්‍රධාන අවයවයකි. නිරෝගී මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම පුද්ගල පෞර්ෂත්වය වැඩි දියුණු කරන සාධකයකි. මුඛයේ දුර්ගන්ධයක් දැනෙනවානම් ඔබ බාහිරව කෙතරම් ප්‍රියමනාප වුවද වැඩක් නැත. මුඛ සෞඛ්‍යය රැක ගැනීමෙහිලා නිවැරැදිව දත් මැදීම කළ යුතුම දෙයකි. අප ගන්නා ආහාරවල කුඩා කොටස් දත් අතර රැඳී තිබියදී විවිධාකාර බැක්ටීරියා සෑදී ඇතිවන සල්ෆ සංයෝගය හේතුවෙන් මුඛ දුර්ගන්ධය හට ගනී.

මේ තත්ත්වය වලක්වා ගත හැකි ක්‍රම

උදේ සවස දෙවතාවක් දත් මදින්න.

දත්වල කුහර ඇත්නම් ඒ තත්ත්ව වලක්වා ගන්න

විදුරුමස් රෝග පවතී නම් ඒවාද වලක්වා ගන්න

අඩුම තරමින් වසරකට දෙවතාවක්වත් දන්ත වෛද්‍යවරයකු මුණ ගැසී මුඛය හොඳින් පරීක්ෂා කර ගන්න. එවිට වෛද්‍ය උපදෙස් මත ඔබට ප්‍රති බැක්ටීරියාකාරකයක් හෝ මුඛ සේදුම්කාරකයක් ඔබට ලබා ගත හැකියි.

ඔබ භාවිත කරන දත් බුරුසුව කෙසේ විය යුතුද?

මෘදු කෙඳි සහිත අලුත් දත් බුරුසුවක් විය යුතුය. කෙඳී ගැලවීගිය පරණ බුරුසු භාවිතය සුදුසු නොවේ.

සීනි, කෝපි පානය, බීම වර්ග, පැණි රස ආහාර නිරන්තරයෙන් මුඛයේ දිගු වේලාවක් තබා ගැනීමත් ,නිතරම ආහාරයට ගැනීමත් සුදුසු නැත. එසේම ඇල්කොහොල්, දුම්පානයද ඉතාම අහිතකර වේ. මෙමගින් මුඛයේ දැඩි දුර්ගන්ධයක් ඇති කරයි.

දත් සේම දිවද හොඳින් පිරිසුදු කිරීමටත් මතක තබා ගන්න.

දත් වගේම දිවෙහි රැඳී ඇති මැලියම් ඉවත් වන තුරුම දිව හොඳින් මැද ගත යුතුයි.

තවද මුඛයේ ඇති දුර්ගන්ධයට පිළියමක් ලෙස නිරතුරු චුවින්ගම් හැපීමද අත්හළ යුතු වැරැදි පුරුද්දකි.

මුඛයේ දැඩි දුර්ගන්ධය දිගින් දිගටම පවතී නම් දන්ත වෛද්‍ය උපදෙස් සඳහා වහාම යොමු වන්න.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

මුඛ සෞඛ්‍යය රැක ගැනීම වැදගත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site