
(යොහාන් භාසුර)
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) රාත්‍රී නිවේදනය කළේය.
රුපියල් 188 ක්ව පැවති භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 183 ක් බව ද එම සංස්ථාව සඳහන් කරයි.
එම නව මිල අද (31) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන බවත් සෙසු ඉන්ධන වර්ගවල මිල තවදුරටත් නොවෙනස්ව පවතින බවත් එම සංස්ථාව කීය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 309 ක, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 371 ක, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 286 ක සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 313 ක තවදුරටත් පවතින බවද ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
භූමිතෙල් ලීටරයක් රුපියල් 5 කින් අඩුවෙයි
Nilantha Wednesday, 01 January 2025 06:44 AM
මාස හයක් යනතුරුම විදුලිබිල අඩුකරන්න බැරිවුණාම කුප්පි ලාම්පුවේ පිහිට පතන්න කියලා ඉඟියකින් පෙන්නා තියෙනවා.
Naleen Wednesday, 01 January 2025 08:27 AM
පුදුම හොඳක්...!
සිල්වා Wednesday, 01 January 2025 09:44 AM
ජනවරමේ වගකීම සහ වගවීම ඉටුකර නැත. ඉන්ධන මිල කිව්ව විදිහට අඩුකරන්නේ නෑ.