(අංජුල මහික වීරරත්න)
ගොයම් කැපීම සඳහා බහුලව යොදා ගන්නා භූතයා සහ සුනාමි නැමැති සංයුක්ත කොළ මඬින යන්ත්‍රවලින් වී අස්වැන්නට නාස්තියක් වෙතියි ද එම නාස්තිය අවම කර ගැනීම සඳහා වැඩ පිළිවෙලක් සකසන ලෙස ගොවි සංවිධාන කෘෂිකර්ම අමාත්‍යාංශයට යෝජනා ඉදිරිපත් කර තිබේ.
මේ නිසා භූතයා සහ සුනාමි නම් වලින් හඳුන්වන සංයුක්ත කොළ මඬින යන්ත්‍ර උපයෝගී කර ගනිමින් ගොයම් කැපීමේ දී අස්වනු හානියක් සිදු වන්නේ ද යන්න සම්බන්ධව වහාම අධ්‍යයනයක් සිදු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් දුන්නේය.
එම යන්ත්‍ර වලින් පැසුණු ගොයම් කපන විට වී අස්වැන්නෙන් විශාල ප්‍රමාණයක් අපතේ යන බව වාර්තා වී තිබේ.

එමනිසා භූතයා හා සුනාමි යන්ත්‍ර උපයෝගී කර ගනිමින් අස්වනු නෙලන විට අස්වනු හානියක් නොවන්නට නම් ගොයම් කැපිය යුත්තේ කුමන අවස්ථාවේ ද යන්න සම්බන්ධව ගොවි ජනතාවට දැනුමක් ලබා දීමටත් පියවර ගත යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වනතෙක් භූතයා හා සුනාමි වැනි සංයුක්ත කොළ මඬින යන්ත්‍ර උපයෝගී කර ගනිමින් අස්වනු නෙළීමේ දී සිදු විය හැකි අස්වනු නාස්තිය හා හානිය සම්බන්ධව කිසිදු අධ්‍යයනයක් සිදු කර නොමැත.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
භූතයා ගිලින අස්වැන්නට විසැඳුමක් සොයයි
ගුණසේන Wednesday, 28 June 2023 01:09 PM
අස්වැන්න අපතේ නොයන හොඳම එකම ක්‍රමය මිනිස්සු දෑකැතිවලින් ගොයම් කැපීම. නමුත් ඒ සඳහා යන වියදම, කාලය වැඩියි. ශ්‍රමිකයෝ හොයාගන්න අමාරුයි. මහා පරිමාණ ගොවියන්ට මේ විදියට අස්වැන්න නෙලන්න ලොකූ කාලයක් ගතවෙනවා. සුනාමි, භූතයා වැනි යන්ත්‍රවලින් අපතේ ගියත් මිනිස්සුන්ගෙන් අස්වැන්න නෙලනවාට වඩා ලාභයි. ඒ නිසා ඒ ක්‍රමවලට මිනිස්සු යොමුවෙනවා. වැටිලා තියෙන ගොයම් කපනකොට අපතේ යෑම තවත් වැඩියි..
නිහාල් Wednesday, 28 June 2023 03:33 PM
කාබනික ගොවිතැන ගේමු...!