
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ සොරාගෙන තිබූ බීලූණු තොගයෙන් කිලෝ 970 ක් පිටකොටුව සහ අවට වෙළඳසැල්වලට විකුණා තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට පත්වූවන් අතර ව්‍යාපාරිකයන් , නාට්ටාමිවරුන් ද වන බව පොලිසිය සඳහන් කරයි.
ඉකුත් 24 වෙනි දින පිටකොටුව 5 වන හරස් වීදිය තොග වෙළඳ සැලකට බහලුමක් සවිකල ලොරියකින් රැගෙන ආ බීලූනු තොගයෙන් අඩක් තොග වෙළඳ සැලේ ගබඩාකර ඉතුරු තොගය මාබෝල ප්‍රදේශයේ ගබඩාවට රැගෙන යන ලෙස හිමිකරු දැනුම් දීමෙන් අනතුරුව ලොරියේ සහායකයා සහ රියදුරු එම බී ලූනු තොගයෙන් කිලෝ 2565 ක් මා බෝල කරා යන අතරවාරයේදී විවිධ පුද්ගලයන් වෙත විකුණා ඇති බවට කොළඹ 8 බේස් ලයින්මාවත , සහස් පුර පදිංචි වෙළඳ සහායක යෙකු කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
.
2025 දෙසැම්බර් මස 18
636
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බී ලූනූ සොරාගත් ලොරි රියදුරු- සහායක ඇතුළු 12ක් මාට්ටු