IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


බුර්කාව තහනම් කරන නව නීති පාර්ලිමේන්තුවට

(සුජිත් හේවාජුලිගේ)
බුර්කාව තහනම් කෙරෙන නව නීතිය පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි
බුර්කාව තහනම් කෙරෙන නව නීති කෙටුම්පත සකස් කර අවසන් යැයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වන ආකාරයට සම්පූර්ණයෙන්ම මුහුණු වැසෙන ඇඳුම් හෝ වෙනත් ද්‍රව්‍ය ප්‍රසිද්ධ ස්ථානවල පැළඳීම මේ අනුව තහනම් කෙරෙනු ඇත.
කෙසේ වෙතත් නව නීතියෙන් ආරක්ෂිත මුහුණු ආවරණවලට (Full Face Helmet) බාධාවක් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
අනන්‍යතාව තහවුරු කරගත හැකි නොවන ආකාරයට මුහුණු සම්පූර්ණයෙන්ම වැසෙන ආකාරයේ ඇඳුම් හෝ වෙනත් ද්‍රව්‍ය පැළඳීම තහනම් කළ යුතු බවට පාස්කු ප්‍රහාරය පිළිබඳව කරුණු සෙවූ ජනාධිපති කොමිෂන් සභාවද රජයට නිර්දේශ ඉදිරිපත් කර තිබිණි.

 



අදහස් (7)

බුර්කාව තහනම් කරන නව නීති පාර්ලිමේන්තුවට

Bamunuarachchi Tuesday, 16 March 2021 12:45 AM

බුරුකාව නමින් තහනම් වුනාට ඔලුව වැහෙන්න පාට ස්කාෆ් එකක් දමාගෙන මාස්ක් එකකින් මුහුණ වසාගෙන එනවා.

:       10       10

fairoosTuesday, 16 March 2021 07:12 AM

ආ එහෙමද?

:       2       8

BamunuarachchiTuesday, 16 March 2021 08:53 AM

ඊයේ තලවතුගොඩ කඩයකට ගොඩ උනා. හින්ට් එකක් ගහන්න හදලා මම අදහස අත්හැරියා...

:       4       1

BamunuarachchiTuesday, 16 March 2021 08:56 AM

මුස්ලිම් ගැහැණු ෆුල් ෆේස් හෙල්මට් දාගෙන ඒවිද දන්නේ නැහැ.

:       0       0

Chamara Tuesday, 16 March 2021 02:36 AM

මේවා කියව කියවා ඉන්නේ නැතිව ඉක්මණින් කරන්න ඕනෑ දේවල්. දේශපාලකයෝ තම ජනප්‍රියතාවය තබාගැනීමට මෙවැනි කතා කියනවා මිසක්ක්‍රියාත්මක වීමක් නැහැ. සුපුරුදු පරිදි රටේ බහුතර ජනතාව රවට්ටනවා.

:       2       12

sharm warn Tuesday, 16 March 2021 03:46 AM

එතකොට මද්‍රසා පාසල්? එව්වා අපිට ඕනෑද? 

:       5       7

BamunuarachchiTuesday, 16 March 2021 08:59 AM

ඉන්න හලෝ ඉන්න.. එකසැරේට එක වැඩක්. මේ ගොල්ලෝ ගානට වැඩේ කරාවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1851 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 586 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 676 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site