IMG-LOGO

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා


බිරිය සැමියාට සිර මැදිරියේදී කුඩ දීලා

(කුෂාන් ජයවර්ධන)

කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණ ශාලාවේ සිරමැදිරිය අසළදී බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටි රැදවියකුට මත් ද්‍රව්‍ය තොගයක් ලබා දුන් එම රැදවියගේ බිරිය අත් අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.  

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වූ නඩුවකදී ලත් අධිකරණ නියෝගයක් අනුව බන්ධනාගාර ගත කර සිටින රැඳවියකු කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය හමුවට අද (30)  ඉදිරිපත් කිරීමට අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබිණි.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ආ අදාළ රැදවියා ඇතුලු රැදවියන් පිරිසක් අධීකරණ ශාලාව තුළ පිහිටි සිර මැදිරිය වෙත රැගෙන යන අවස්ථාවේ අධිකරණ ශාලාවේ  රැදී සිටි කාන්තාවක විසින් එම රැදවියාට මත්කුඩු අඩංගු පාර්සලය ලබා දී තිබූ බව පොලිසිය කියයි. අදාළ රැදවියා සන්තකයේ තිබි සැකකාර කාන්තාව විසින් ලබා දී තිබූ මත්දව්‍ය අඩංගු පාර්සලය ද සොයා ගැනීමට පොලිසියට හැකිව තිබිණ.

සැකකාර කාන්තාව විසින් රැදවියාට ලබා දි තිබූ එම පාර්සලයේ තිබී හෙරොයින් මත්කුඩු මිලි ග්රෑම් 480ක් හා දුම්කොල ග්රෑම් 300ක් ද සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

මත්කුඩු අඩංගු එම පාර්සලය අධීකරණ ශාලාව තුළදී  බන්ධනාගාර රැදවියාට ලබා දුන් බව කියන කාන්තාව මෙහිදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අදාළ රැඳවියාගේ බිරිය බවට ද හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි.



අදහස් (0)

බිරිය සැමියාට සිර මැදිරියේදී කුඩ දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32770 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15355 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9991 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 165 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 468 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1390 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site