IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


බිනර පොහොය අදයි

(ඩයනා උදයංගනී)

බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදට (20) යෙදී ඇති අතර කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා හමුවේත් බෞද්ධ ජනතාව වෙහෙර විහාරස්ථාන වෙත ගොස් සෞඛ්‍යාරක්ෂිතව ආගමික වතාවත්වල නිරත වනු දක්නට ලැබිණි.

 වෙනදා මෙන් පොහෝ දින ශීල සමාදාන වැඩසටහන් ක්‍රියාත්මක නොවූව ද බොහොමයක් විහාරස්ථාන ජනතාවට ආගමික වතාවත් වෙනුවෙන් විවෘත කර තිබිණි.

පැමිණි ජනතාව බොහෝ දෙනෙක් නිසි ලෙස මුහුණු ආවරණ පැළඳ දුරස්ථභාවය රැක ගනිමින් ආගමික වතාවත්වල නිරත වුවත් ඇතැමුන් සෞඛ්‍ය ආරක්ෂිත පියවර නිසි ලෙස අනුගමනය නොකරන ආකාරයක්ද දක්නට ලැබිණි. 

බිනර පුර පසළොස්වක පොහෝ දිනය භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් වන අතර වස් සමයේ අතරමැදි පොහොය ද වේ.

එමෙන්ම භික්ෂුනී ශාසනය ආරම්භ කරමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් සසුනට එක්වූයේද බිනර පෝය දිනකදීය. 

 ආනන්ද හිමියන් විසින් බුදුන්වහන්සේගෙන් අෂ්ට ගරු ධර්ම විමසා එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව එම ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් දිනකදීය.

බිනර පොහෝ දිනයේ දී කැලණි විහාරයට පැමිණි බෞද්ධ ජනතාව සෞඛ්‍යාරක්ෂිත අයුරින් ආගමික වතාවත්වල නිරත වූ අයුරු ඡායාරූපවල දැක්වේ.

ඡායාරුප - ශාන්ත රත්නායක 



අදහස් (1)

බිනර පොහොය අදයි

sumedha ramasingha Monday, 20 September 2021 01:03 PM

තව නයෙක් බෝතලේක දාලා ගෙනාවා නම් ඊළඟ පොහොයටවත්, විහාරය බැතිමතුන්ගෙන් පිරෙන්න කියලා කිව්වානම් කොයිතරම් වටිනවා නේද?

:       7       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 101 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 66 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1648 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site